ඇත්තටම පිස්සු කාටද ?පරිසරය රකින දේවානිටද ? එය විනාශ කිරිමට අනුබල දුන් රාජ්‍ය ඇමතිටද ?

0
398
සිතියම් ගත ඇලක් ගොඩකර තවත් ඇලක් කපයි

වනාන්තරය ආරක්ෂා කරගැනීම සඳහා විශාල සටනක නිතර ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී දේවානි ජයතිලක “පිස්සු ගෑනියෙක්” යැයි කියමින් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය (21) ප්‍රකාශයක් සිදු කර තිබේ.

වනාන්තර, රක්ෂිත සහ සංවිවේදී පරිසර කලාප ඩෝසර් කරමින් පසුගිය දිනවල සිදුකිරීමට ගිය සංවර්ධන ව්‍යාපෘති කිහිපයකදීම එයට විරෝධය දක්වමින් එම පරිසර කලාප රැක ගැනීම සඳහා ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරී දේවානි ජයතිලක විශාල අරගලයක නිරතව සිටින්නීය. ඇයගේ හෙළදරව් කිරීම් හේතුවෙන් දැවැන්ත විනාශයක් රැසක් මේ වනවිට නතර වී තිබේ.

තෝප්පුව ඇල රක්ෂිතය


මේ අතර පරිසරය රැකගැනිම වෙනුවෙන් නිර්භිතව කටයුතු කරනු ලබන රාජ්‍ය නිළධාරියෙකු හට පිස්සු යැයි කියු රාජ්‍ය ඇමතිවරයාගේ පැටිකිරිය සොයා බලන විට ඔහුට ඇත්තේ පරිසරය විනාශ කිරිමට අතදිගහැර සහය පළකර සිටි නිදසුන්ය.
මින් එක් බරපතල චෝදනාවක් වන්නේ කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සිතියම් ගත ඇලක් වසා දමා ඒ මත හෝටලයක් ඉදිකිරිමට සහය ලබාදිම පිළිබවද වු චෝදනාවකි.

කටාන සහ මීගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම් සලකුණු කරමින් කොච්චිකඩේ ප්‍රදේශයෙන් මා ඔයට ගලා බැස ගිය තෝප්පුව ඇල නම් වු ඉපැරණි ඇල කැළුම් නම් ව්‍යාපාරිකයා 2011 ඔක්තෝබර් 08 වෙනිදා වසා දමා අලුතින් ඇලක් කපන්නට පියවර ගෙන තිබුණි.
මෙම කටයුත්ත හරියටම පළාත් පාලන මැතිවරණය පැවැති දිනයේදිම ගොඩකිරිම ආරම්භ කිරිමෙන් පෙනි යන්ෙන් මෙම රාජ්‍ය විරෝධි කටයුත්ත සිදු කළ කැළුම් නැමැත්තා අනිවාර්යෙන්ම මේ ප්‍රදේශයේ දේශපාලකයන්ගේ සහය අනිවාර්යෙන්ම ලැබි තිබුන අයුරුය..
දැන් මේ සියල්ල තවත් හොදින් පෙනෙන්ට පටන් ගෙන තිබුනේ  මෙසේ  ඇල ගොඩකරමින් අල්ලාගත් ඉඩමේ ඉදිවු  හෝටලය 2013 දෙසැම්බර් 01 වනදා  ඇමති බැසිල් රාජපක්ෂ විසින් විවෘත කිරිමය

සිතියම් ගත ඇලක් ගොඩකර තැනු හෝටලයක් විවෘත කරමින් ..

ඇලක් තබා ඇල රක්ෂිතය හෝ මෙසේ ගොඩ කිරිම බරපතල වරදක් වුවද ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරින්ගේ සහ දේශපාලකයන්ගේ  පුර්ණ අනුග්‍රහය මත අධිකරණයෙන්ද නිදහස්ව දැන් සතුටින් කල් යවති..
ඉපැරණි ඇල මෙසේ ගොඩ කර  අළුත් ඇල මාර්ගයක් කැපිම හරහා මේ ව්‍යාපාරිකයාට පර්චස් 10 ක් පමණ වැඩිපුර ඉඩම් ප්‍රමාණයකක්ද අල්ලා ගැනිමටද හැකිව ඇතැයි ප්‍රදේශවාසින් පවසති.
නීතියේ ආධිපත්‍ය බිදවැටිමේ ඇති අයුරු ගැන කියන්නට මීගමුවේදුි තවත් උදාහරණ අවැසිද ? මෙ සියල්ල සිදුවුයේ ලංසා පවුල් හවුල් පාලනය යටතේය.

මේ ස්වාභාවික ඇල   ගොඩකිරිම හේතුවෙන් අධික වැසි තත්වයක් යටතේ ඒ අසල පිහිටි නිවෙස් වතුරින් යටවිමේ තර්ජනයක් පවතින බව පුනා පුනා ප්‍රදේශවාසින් කියා සිටියද මේ ව්‍යාපාරිකයා එය ගණකටවත් ගත්තේ නැත.

මහජන ආරවුලක් ලෙසින් උසාවියට ඉදිරිපත් වු මෙම පැමිණිල්ල අවසන් වුෙය් ඇල දෙපස ගල් වැටි බදින ලෙසින්  නියෝගයක් පමණක් ලබාදෙමිනි.මේ නියෝගය ක්‍රියාත්මක කිරිමේදි පවා ඔහු ඉක්මන් වුයේ ඔහුගේ ඉඩම මායිමට අයත් ඇල ඉවුරේ බැම්ම බැදිම ගැනය.

පසුගිය කාලය තුල ඇද හැලුන වර්ෂාවන්හිදි ඇලෙහි ජල බැස්ම දැන් ස්වාභාවිකව සිදුනොවන තත්වයක් තුල  අසල පිහිටි නිවෙස් යටවෙන්නට පටන් ගෙන ඇත.

තෝප්පුව ඇල කොළඹ හලාවත මාර්ගයට හරහා මාඔය කරා ඇදෙන්නේ කොච්චිකඩේ නගර පසුකර මීටර් 100 පමණ හලාවත දෙසට ගමන් කරද්දිය.මේ ඇල මීගමුව හ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ දෙකටම අයත්ය.

එනම් ඇල ඉවුරේ මා ඔය පැත්තට වෙන්නට පිහිටා ඇත්තේ ඔහු සතු වු මුල් ඉඩමයි.

කලින් ඇල දිව ගියේ මේ ඉඩම් දෙක මැදිනි.මේ ඇලෙහි දකුණතට වු වංගුව කිසියම් ආකාරයකින් කෙලින්කර ගත හැකි වන්නේ නම් ඉඩමි දෙකක යා කර එක් විශාල ඉඩමක් සකසා ගැනිම ඔහුගේ එකම පැතුම විය.

තෝප්පුව ඇල වනාහි මීගමුව සහ කටාන යන ප්‍රාදේ ශීය ලේකම් කොට්ටාශ දෙක වෙන්කරනු ලබන මායිම් ඇලයි.රාජ්‍ය දේපලක් වු ඇලක ස්වාභාවික පිහිටිම වෙනස් කර එය ගොඩ කර අලුතින් ඇල මාර්ගයක් තනා ලන තෙක් රාජ්‍ය නිළධාරින්ද දේශපාලකයන් පමණක් නොව මහජනතාවද කළේ කුමක්ද  කාටත් දැන් ගැටළු  සහගතය.

විශේෂයෙන්ම මේ අනිතික ක්‍රියාව සිදුකළ සමයේ මීගමුව සහ කටාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල වගකිම් දැරු ප්‍රා දේශිය ලේකම්වරැන් මේ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග අනිවාර්යෙන්ම විමර්ශනයට ලක් කළ යුතුව ඇත.එමෙන්ම මේ කොට්ටාශ දෙකේ ග්‍රාම නිලධාරි වරුන් මේ අනිතික ක්‍රියාවට ප්‍රතිචාර දක්වා ඇති අන්දමද අනිවාර්යෙන්ම විමර්ශනය කළයුතුව තිබේ.
රාජ්‍ය ඇමති නිමල් ලංසා මේ අනුව කැමැති සිතියම් ගත ඇලවල් පවා ගොඩකිරිමට ඉඩ ලබාදෙන රාජ්‍ය නිලධාරින්ට මිස දේවානිලාට නම් නොවන බව ඉතා හොදින් පැහැදිලිය

මෙන්න රාජ්‍ය ඇමතිගේ තවත් හපන් කමක් …..