ඇන්ටනි ජයවීරගේ අත් පා සහ කට බැද නගර සභාවේ බඩු මංකොල්ල කති.

0
94

robberජුවෙල් ලංකා මංකොල්ලයට දෙවනි නොවන මංකොල්ලයක් මීගමුව මහනගර සභාව තුල සිදුව ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග අප වෙත හෙළි කර සිටි.
මේ මංකොල්ලයට සම්බන්ධ අයවලුන් කෙතරම් ශුර අන්දමින් මෙය සැලසුම් කර ඇතිදැයි පෙනි යන්නේ එය කිසිදු ආයුධයක් භාවිතා නොකරමින් මේ සමස්ථ ක්‍රියාත්විතය සිදුකර ඇති හෙයිනි.
මේ නිසා අදාල දේපල රැකගැනිම සදහා නගරාධිපතිවරයාට මෙන්ම නාගරික කොමසාරිස්ද අපොහොසත්ව ඇත.
පාසැල් ළමුන් සදහා වන අභ්‍යාස පොත් විදි ලාම්පු කැරම් බෝඩ් ඇතුළු විවිධ ක්‍රිඩා භාණ්ඩ මේසේ මංකොල්ල කෑ භාණ්ඩ වෙතැයි සැලය.
මේ සියල්ල සිදුකර ඇත්තේ නගරාධිපති ඇන්ටනි ජයවිර මහතාගේ අත් පා බැද දමා යැයි වාර්ථා වන අතර අවම තරමින් මේ ගැන කට සෙලවිමට පවා නොහැකි වන අයුරින් මුව ද ප්ලාස්ටර් දමා අලවා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා මේ වනතුරුත්  මේ  මංකොල්ලය පිළිබදව කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.