ඇන්ටනි ජයවීරට සරත් පිළේ සහය.???

0
78

NEGOMBO-NEWS මීගමුවේ ආණ්ඩු පක්ෂය තුල පැහැදිලි පිළි 2කකි. වරින් වර යම් සමහන් විම් සිදුවුනද සදාකාලික පෑහිමකට ඉඩක් නැත.
මේ පසුබිම තුළ ඇන්ටනි ජයවිර නගරාධිපතිවරයා එහෙම පිටින්ම සිට ගත්තේ ඇමති නිමල් ලංසාගේ පැත්තේය. විශේෂයෙන්ම ඔහු දිවුරුම් දුන් 2011 ඔක්තෝබර් 16 වෙනිදා පවත්වන්නට යෙදුන කථාවේදි නොකියා කිවේ තමන්ගේ දේශපාලන ගුරු ඇමති නිමල් ලංසා බවය.
එහෙත් පසුගිය කාලය තුල මේ ගුරු ගෝල සම්බන්ධය යම් ඉරිතැලිමකට ලක්වෙමින් තිබුණි.
නගරාධිපතිධුරය අවම තරමින් වසරකට හෝ ජීවංග මිරැන්ඩෝට දිය යුතු බවට ඇමති නිමල් ලංසාගේ කටින් පිටවන්නට ඇත්තේ නිකම්ම නොවේ.
තතු එසේව තිබියදි තවත් උණුසුම් වර්ධනයක් මීට සතියකට පමණ ඉහතදි සිදුව තිබුණිත එනම් සරත්ගුණරත්න ඇමතිවරයා විසින් සංවිධානය කරන්නට යෙදුන ප්‍රදර්ශනාත්මක එල්ලේ තරගයකදි පැවැති උත්සව සභාවේදි ඇන්ටනි ජයවිර නගරාධිපතිවරයා විසින් කරන්නට යෙදුන කථාවයි.
එහිදි ඔහු අවධාරණය කර තිබුනේ තමන්ගේ ධරයේ කටයුතු කරගෙන යාමට තම ආසනයේ සංවිධායකවරයාගෙන් තමන්ට කිසිදු බාධාවක් එල්ල නොවුන බවය.
එමෙන්ම අදාල ක්‍රිඩා තරගය පැවති පිට්ටනිය පිළිසකර කිරිමට තමන් පුද්ගලිකවම මැදිහත්ව කටයුතු කරන බවද පවසා තිබුණි.
පසුගිය දෙසැම්බර් මාසයේදි ජයවිර නගරාධිපතිවරයා තමන් 2013 වැඩ පෙන්වන බව පවසා තිබෙන බවද අප අමතක නොකළ යුතුය.