ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනයට විරෝධය පළකරමින් හලාවත ධීවරයෝ මුහුදු නොයති.

0
29

ධීවර ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනයේ දෙවන වසර සමරමින් අද දිවයින පුරා විරෝධතා කිහිපයක් පැවැත්විණි. එම විරෝධතාවයන්ගෙන් එකක් හලාවත ප්‍රදේශයේද අද  පැවැති අතර එම ඝාතනයට විරෝධය පලකරමින් එම ප්‍රදේශයේ සියළු ධීවරයින් මුහුදු යාමෙන් වැලකී සිටියහ.එම ධීවරයින් ප්‍රකාශකර සිටියේ තම සහෘදයා වන ඇන්ටනී ප්‍රනාන්දු ඝාතනයට විරෝධය පළකරමින් තමන් මුහුදු යාමෙන් වැලකී සිටි බවයි. මේ නිසා හලාවත මාළු ලෙල්ලම පාළු හා හිස් ස්වභාවයකින් යුක්ත විය.

chilw lelama

 

ඒ අතර මෙම ඝාතනයට විරෝධය පළකරමින් යාපනය , ගාල්ල හා පොතුවිල් ප්‍රදේශයන්හි පැවති විරෝධතා විවිධ බාධා කිරීම් මධ්‍යයේ වුවද සාර්ථක ලෙස පැවති බවට වාර්ථා වෙයි.