දරුණූ රෝගාබාධයක් හේතුවෙන් ඔහුගේ හදිසි මරණය සිදුවී ඇති අතර සිටි ඒ මහතා දිවයිනෙන් වෙන්වී වසර කීපයක් ඉතාලියේ මිලානෝ නගරයේ ‘මොන්ෂා ‘ නගරයේ සිය පුතුන් දෙදෙනා සමග ජීවත් විය.
ඇන්ඩෘ ජයමාන්න මහතා ඉතාලියේ සිටියදීද සිනමාව හා කැමරාකරණය සම්බන්ධයෙන් ඉගැන්වීම්හි නිරත විය.
මෙරට සිනමා ක්ෂේත්රයට විශාල සේවයක් සිදු කළ ඇන්ඩෘෘ ජයමාන්න මහතා මීගමුවේ ඉපද අවසාන කාලයේද මීගමුවේ පිහිටි ඔහුගේ නිවසේ ජීවත් වු අතර මීගමුවේ ආධුනික ශිල්පීන්ටද පුහුණූවීම් කරමින් ඔවුන් සිය දැනුමින් හා අත්දැකීම් වලින් ධෛර්මත් කරන්නට තරම් නිහතමානී කලාකරුවෙකු වූයේය. මිය යන විට ඔහු 73 වන වියෙහි පසුවිය. ඔහුට අපගේ ප්රණාමය හා ගෞරවය පුදකරමු.
ඡායා – සමන්ත විජේසිරි