ඇඳිරිය අද ඉවත් කරනව කියපු හින්ද මාළුත් එක්ක ගොඩ ආපු මහ බෝට්ටුවලට වෙච්ච දේ ?

0
73
sdr
sdr

බස්නාහිර ඇඳිරි නිතිය අද ඉවත් කරන බව කිමත් සමගින් මුහුදේ රැකියාව කරමින් සිටි මහබෝට්ටු කිපයක්ම ඔවුන් විසින් එතෙක් අල්ලාගත් මාළුද සමගින් ඊයේ  ගොඩට පැමිණ තිබුනේ ඒ මාළු විකුණා කියක් හෝ හම්බකර ගැනිම සදහාය.
එහෙත් ආණ්ඩුව විසින් සැරින් සැරේ වෙනස් කළ ඇදිරි නිතිය පිළිබදව දැනුම දිම් නිසා අද ඔවුන් මහත් අපහසුවකට පත්ව තිබේ.
මිගමුව මේ වන විට ලොක්ඩවුන් කර තිබේ.
එහෙත් ඊයේ රජයේ නිවේදනයන්ට පිටිපන මහලෙල්ලම අයත්වන දුන්ගාල්පිටිය පොලිස් වසම ලොක් ඩවුන් ලයිස්තුවේ තිබුනේ නැත.
එහෙත් අද මේ ගැන පොලිසියෙන් විමසු විට කියා තිබුනේ දුන්ගාල්පිටියද දැන් ලොක්ඩවුන් බවය.
මේ එක් බහුදින යාත්‍රා හිමියෙකු කියා සිටියේ තමන් සතුව මාළු කිලෝ 200 කට වැඩිප්‍රමාණයක් ඇති බවත් දැන් එය විකුණාගැනිමට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත්ය.
බෝට්ටුවේ අයිස් අවසන් වුවහෝත් අයිස් ගැනිමට පවා තැනක් නැතැයි ඔවුන් පවසා සිටිති.රජය සැබැවින්ම මේ ධිවරයන්ගේ ප්‍රශ්ණය කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමුකළ යුතුව තිබුනද එය එසේ නොවන බව පෙනේ.
ධිවරයන් පමණක් නොව ගොවියන් ගැනද රජයට කිසිදු වැඩපිළිවෙලක් නැති බව පැහැදිලිය.