ඇමතිත් එක්ක මුහුදු ගිය පියතුමන්ලාට වමනය දැමිම නිසා නාවික හමුදා යත්‍රාවකින් හදිස්සියේම කොළඹ ගෙනයයි ?

0
43

boat NGB 6වරාය නගරය සදහා වැලිගොඩ දැමිමේදි ධීවරයන්ට බලපාන අති සංවේදි ස්ථානවලින් වැලිගොඩදැමිම නොකළ යුතු බවට ධීවරයන් අවධාරණය කර සිටිමත් සමගම අද එකි ස්ථාන නිරික්ෂණය කිරිම සදහා ච්ම්පික රණවක ඇමතිවරයා මෙන්ම මීගමුව වැල්ලවීදියේ ධිවරයන් පිරිසක්ද පියතුමන්ලා දෙදෙනෙක්ද මේ ගමනට සභාභාගිව ඇත.
හැදහැලුන මහවැසි සහ මුහුද රළු තත්වයකින් පැවැතිම නිසා රළ නුහුරු පියතුමන්ලා දෙදෙනාට වමනය යන්නට පටන් ගැනිම නිසා නාවික යත්‍රාවකින් හදිස්සියේම ඔවුන් කොළඹට රැගෙන ගොස් ඇතැයි සැලය.
මේ නිරික්ෂණ චාරිකාවේදි ධීවරයන් සහනදායි පිළිතුරක් ලැබි තිබේදැයි දැනගැනිම සදහා මීගමුව මහනගර සභා භුමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින ධිවරයෝ පියතුමන්ලා දෙදෙනා සහ තමන්ගේ නියෝජිතයන් එනතෙක් මගබලා සිටිති.