ඇමති ආරක්ෂක නිළධාරියෙක් රජයේ නිළධාරියෙක්ට පහර දීලා..

0
69

පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා ගේ ආරක්ෂක නිළධාරියෙකු වු පොලිස් කොස්තාපල් ජයසිරි නැමැත්තා විසින් අධ්‍යාපන සේවයෙක් නියුතු අයෙකු හට අද උදෑසන කුඩාපාඩුවේ ෂෙරි ලෑන්ඩ්  හෝටලය ඉදිරිපිටදි දරුණු ලෙස පහර දි ඇතැයි වාර්ථා වේ.ඇමැති නිමල් ලංසාගේ වැල්ලිවිදිය කාර්යාලයට කිසියම් රාජකාරි කටයුත්තකට පැමිණ යළිත් සිය නිවස පිහිටි කොච්චිකඩේ බලා යමින් සිටියදි මෙසේ පහර දි ඇත.
මීට ඉහත ප්‍රබල එජාප ආධාරකරුවෙක්ව සිටි ජයසිරි පසුව පිළ්  මාරුකරමින් ආණ්ඩු පක්ෂයට එක්ව තිබේ.ඉන් අනතුරුව ඇමති නිමල් ලංසාගේ ආරක්ෂකයෙකු ලෙසින් සමබන්ධවිමෙන් අනතුරුව අවස්ථා කිපයදිම මෙවන් මැර ක්‍රියාවල නිරතව ඇති බවට තොරතුරු වාර්ථා වේ.
මෙසේ පහර කෑමට ලක්ව සිටින තැනැත්තා මීගමුව පොලිසියට මේ සම්බන්ධයෙන් CIB 12285/13 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර දැනට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.