ඇමති ඉන්දිකට කොවිඩ් නැති බව තහවුරු වෙයි..

0
155
1485499667 1696847 hirunews Indika Anuruddha


ග‍්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  ඉන්දික අනුරුද්ධ මහතා කොරෝනා ආසාදිත ආශ්‍රිතයකු වීමෙන්  ස්වයං නිරෝධායනයට ලක්ව පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව කොවිඩ් ආසාදිතයකු නොවන බවට තහවුරු වී ඇතැයි අමාත්‍යංශය  කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට  කොවිඩ් ආසාදිත වීම නිසා ඔහු සහභාගී වු වැඩසටහනට එක්වූ ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා ආශ්‍රිතයකු වීමෙන්  මෙසේ  ස්වයං නිරෝධායනයට ලක්වී තිබිණි.

කෙසේ වෙතත් පසුව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පී සී ආර්  පරීක්ෂණයට යොමු වූ අතර එහි ප්‍රතිඵල අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට  තහවුරු වී ඇති බවට  අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වෙයි.

image ec10bb5989

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here