ඇමති ජෝන්ගේ යහපාලන විරෝධි වැඩනිසා රොස් මන්ත්‍රිවරියට දේශපාලනය එපාවෙලා ?

0
35

rose 2කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කුළු රථ පිළිබදව නිත්‍යාණුකුල ආකාරයෙන් ටෙන්ඩර පටිපාටි මතින් එය හිමිකරගෙන සිටින අයට අමතරව ඇමති ජෝන්ගේ රාජපක්ෂ හිතවාදියෙකුටද වාහන යෙදවිමට අවසර ලබාදෙන ලෙස ඇමති ජොන් විසින් ඉල්ලා සිටිම නිසා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි නිතිඥ රෝස් ප්‍රනාන්දු මෙයට දැඩි ලෙස විරෝධය පළකර තිබුණි.
එමෙන්ම ඇමති රුවන් විජේවර්ධන මහතා විසින්ද ත්‍රිරෝද රථ කණ්ඩායමක් ගුවන්තොටුපලට ඇතුලත් කිරිමට ඇති සැලැස්මක් ගැනද සැලය.
කෙසේ වෙතත් මේ සියල්ල නිතියට අනුව කුලි රථ ධාවන හිමිකාරිත්වය ටෙන්ඩරකින් ලබාගත් කණ්ඩායමට බරපතල අසාධාරණයක් සිදුවන දැ බැවින් ඇමති ජෝන් ගේ මෙන්ම ඇමති රුවන් විජේවර්ධනගේද මේ යහපාලන විරෝධි ක්‍රියාගැන පක්ෂ නායකත්වය දැනුවත් කොට සාධාරණයක් ඉටු නොවන්නේ නම් දේශපාලන තනතුරු වලින් පවා ඉවත්විමට තරම් කලකිරිමකින් සිටින බව මන්ත්‍රිවරියට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.