මෙම තීරණයත් සමගින් මතුව ගැටළු සහ එහි වත්මන් තත්වය ගැන කරුණු පැහැදිලි කිරිම සදහා විශේෂ ජනහමවුක් 2017 අප්‍රේල් 23 වනදා සවස්වරුවේ කටාන දෙමහන්හංදියේ පිහිටි රෝස් ප්‍රනාන්දු මෙනවියගේ කාර්යාලයේදි පැවැත්විණි.
එහිදි සිය පාක්ෂික ක්‍රියාකාරින් අමතමින් කියා සිටියේ අකටයුතු කම්වටල එරෙහිව සිය ජනතාවගේ අයිතිවාසිකම් රැකිම සදහා ඇය මේ පියවර ගත් බවත් පක්ෂ නායකත්වයේ දැනුම් ම මත යළිත් සිය ධුරයන්ගේ වැඩකටයුතු භාරගෙන ඉදිරියට ඇති සියළු අභියෝගයන්ට සිය ජනතාව හා එක්ව කටයුතු කරන බවත්ය.
පැවැති අභියෝගාත්මක මොහොතේදි සංවේදි ලෙස සියළු ඇත්ත තත්වයන් මුළු රටට කිම සදහා ජනමාධ්‍ය විසින් ඉටුකරන ලද තීරාණාත්මක මෙහෙය ගැන සිය කථාවේදි ඇය අවධාරණය කර සිටි අතර විශේෂයෙන්ම මිපුර වෙබ් අඩවිය ගැනද ඇය එහිදි විශේෂ කොට සදහන් කර සිටියාය.
මෙම ජනහමුව සදහා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ,දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආච්චි ඇතුළු ප්‍රාදේශිය සභා සහ පළාත් පාලන හිටපු මන්ත්‍රින් රැසක්ද එක්ව සිටියහ.