

ඇමති නාලක ගොඩහේවා ඊයේ සවස් වරුවේ මිගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරතව ඇත්තේ ගිනි ගත් නැව නිසා දුන්ගාල්පිටිය වෙරළ තිරයට සිදුව ඇති හානිය දැක ගැනිම සදහාය.
මේ අතර දුන්ගාල්පිටියේ පුරවැසියෙකු මෙන්ම පුරවැසි මාධ්‍යකරුවෙකුද වන නෙල්සන් නැමැත්තා විසින් ඇමති නාලක ඇතුලු පිරිසකගේ ඡායාරූප සිය ජංගම දුරකතනයෙන් ලබාගනින්ද ඇමතිවරයාගේ මාධ්‍ය අංශයේ පිරිසක් ඔහුව වලකා ලමින් ඇයි ෆෝටො ගන්නේ යැයි විමසා තිබුණ බව නෙල්සන් විසින් අප සමගින් පවසා සිටියේය
ඉන් පසුවද කැබ් රථයකින් පැමිණි දෙදෙනෙකු ඔහුගේ විමසා තිබුනේ ෆෝටො ගත්තේ ඇයිදැයි කියා විමසු ඇතැයිදි ඔහු තවදුරටත් කියා සිටියේය



නෙල්සන් යනු ගිනිගත් නැවේ කන්ටේනරයක් දුන්ගාල්පිටිය වෙරළ තිරයට ගොඩගසා ගෙන විත් තිබියදි එය ලනුවක් දමා පොල්ගසක ගැට ගසා පොලිසිය සහ නාවික හමුදාව ඇතුළු බලධාරින් හට දැනුම් දුන් පුද්ගලයාද වෙයි .එතැන් පටන් මිපුරද ඇතුළු මාධ්‍ය ගණනාවකට තොරතුරු ලබාදෙමින් විශාල සේවාවක්ද කළ අයෙකුද වෙයි .
මැතිවරණ සමයේ ජනතාවත් සමගින් ෆෝටෝ ගහපු දේශපාලකයන්ට දැන් ගිය කලක් යැයි මේ ගැන කරුණු කියා සිටි දුන්ගාල්පිටිය ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසියෙකු මිපුරට කියා සිටියේය