ඇමති නිමල් ලංසාගේ මල්ලිට ගෙයක් නැතිලු?

0
49

nimal lansaඇමති නිමල් ලංසා කෙටි කලක් ඇතුලත අතිශය සුපිරි ජිවිතයකට හිමිකම් කියන්නට පටන්ගත්තා පමණක් නොව රුපියල් කෝටි ගණන් වලින් බිස්නස් කරන්නටද මුල පිරිය. එපමණක් නොව ඔහු වටේ සිටි සමිපතම සගයන් සියළු දෙනා මීගමුව තුල ඉතා කෙටි කලක් ඇතුලත අති සුබෝපභෝගි ජිවිත ගත කරන්නන් බවට පත්විය.
සිය නගර සභා ධුර කාලය තුල වසර 8 ක් යනතුරු එකදු වචනයක් මහනගර සභා රැස්විම් වලදි කථා නොකළ ජිවංග මිරැන්ඩෝ නම් වු නාගරික මන්ත්‍රිවරයාගේ සිට බොරළු සපයනු ලබන  කොන්ත්‍රාත්කරුවෙකු වු සමන්තගේ සිට තවත් බොහෝ දෙනෙකු ඉතා ඉක්මනින් පෝසතුන් බවට පත්විය.
ඇමති ලංසාගේ සහෝදරයා වන දායන් ලංසාගේ දුරකථන බිල පමණක් රුපියල් ලක්ෂයක් පමණ වන්නේ යැයි වරක් නගර සභාව තුල ඇති ප්‍රසිද්ධ කථා බහවලදි කියැවේ.එපමණක් ඔහුගේ අනෙක් සුපිරි වියදම් සහ විවිධාකාර නඩත්තු කටයුතු වෙනුවෙන් වැය වන්නේ රුපියල් ලක්ෂ ගණනින් යැයි අද මුළු මීගමුවේම ප්‍රසිද්ධ රහස්ය.
සංදර්ශනයක් පාපැදි තරගයක් මීගමුවේ තිබුනද ඒ සියල්ලේ අනුග්‍රාහකයා වන්නේ දායන් ලංසාය.
අපි දන්නා තරමින් ඔහුට ඇත්තේ මීගමුව මහනගර සභා මන්ත්‍රි වැටුපත් තම සොහොයුරාගේ පුද්ගලික ලේකම් වරයා  යැයි කියාගනිමින් හිමිවන වැටුපත් පමණි.
තතු මෙසේ වෙද්දි ඇමති ලංසා මෑතකදි මාධ්‍ය වලට පවසා තිබුනේ තමන්ගේ සහෝදරයා තවමත් සිටින්නේ කුලි නිවසක බවය.
ඇමති ලංසා මෙසේ කියමින් රවටන්නට මාන බලන්නේ මීගමුවේ ජන්දායකයාවද ?