ඇමති නිමල් ලංසාට අළුත් අභියෝගයක්…

0
30

විශේෂයෙන්ම මීගමුවේ  ධීවර ප්‍රදේශවල දරැවන්ගේ පාසැල් අධ්‍යාපනය අතර මග ඇන හිටි.මෙවන් දරැවන් යළිත් පාසල කරා කැදවාගෙන විත් ඔවුන් මුහුණ දෙන ගැටළු වටල පිළියම් යොදා විශේෂ අවධානයක් මත මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නංවාලිම අරමුණු කරගෙන විශේෂ වැඩපිලිවෙලක් ගොඩනැගිම අරමුණු කරගෙන බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මහතා පියවර ගෙන ඇත.

මෙම විශේෂ ව්‍යාපෘතිය දියත් කිරිමට හේතු වි ඇත්තේ අධ්‍යාපන කලාප 11 කින් යුත් බස්නාහිර පළාතේ අධ්‍යාපනය වැඩියෙන්ම පිරිහුණු කලාපය බවට පත්ව මීගමුව පත්ව තිබිම හේතුවෙනි.

අධ්‍යාපන කොට්ටාශ තුනකින් සමන්විත වු මීගමුව අධ්‍යාපන කොට්ටාශයේ පසුපසින්ම සිටින්නේද මීගමුව කොට්ටාශයයි.

මේ නිසා ලබන වසරේ මීගමු අධ්‍යපාන කොට්ටාශයේ අධ්‍යාපන තත්වය 10% කින් ඉහල දැමිම අරමුණ කරගත් විශේෂ වැඩසටහනකට මුල පුරමින් 10 වන වසරේ ඉගෙනුම ලබන මුන්නක්කරය සහ කුඩාපාඩුව පාසැල්වල දරැවන්ගේ දෙම්ව්පියන් සහ ගුරුවරුන් කැදවා විශේෂ සාකච්ජාවක් පවත් වා තිබුණි.