ඇමති බිරිඳ මහඇමති පුටුවට ගෙනඒමට මීගමුෙවන් ලක්ෂ 2ක කට්අවුට් ?

1
75

නුදුරේ පැවැත්වීමට නියමිත බස්නාහිර පළාත් සභාවේ මීළඟ මැතිවරණයේදී මහා ඇමති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට බස්නාහිර පළාත් වත්මන් මහඇමති ප්‍රසන්න රණතුංග මහතා තුල වන සිහින බිඳ වැටෙන තැනට කටයුතු සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරන බව TheIndependent – වෙබ් අඩවිය වාර්ථා කරයි
. එසේම බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලන්සා මහතාද මහා ඇමැති ධූරය පිළිබඳව සිහින දකිමින් සිටි අතර එම සිහිනයන්ද මේ වන විට සුණු විසුණු වී ගොසින් යැයි තවදුරටත් එහි සදහන්ය.

දැනටමත් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම ප්‍රසන්න රණතුංග මහතා වෙතින් ඉවත් කර ඇති අතර ඔහුගේ අධීක්ෂණ කටයුතු කැලණිය ආසනයට පමණක් සීමාකර ඇති බවත් කටාන ශ්‍රීලංකා නිදහස් පක්ෂ සංවිධායිකා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තම දේශපාලන සමීපතමයන් සමග ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානතම දේශපාලඥයකුගේ බිරිදක් තම ආසනයේ කටයුතු සඳහා අනවශ්‍ය අයුරින් අත පෙවීම් කරන බව හා මෙවර බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මහඇමති ධුර අපේක්ෂිකාව වීමේ අරමුණින් එම ප්‍රභූ කාන්තාව මෙසේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසනවලටත් ,පක්ෂයේ සංවිධාන කටයුතුවලටත් බලහත්කාරයෙන් අත පොවමින් සිටින බවත් තවදුරටත් එම වෙබ් අඩවිය අද අනාවරණය කළේය.
මේ අතර පසුගිය දිනක  පාරවල් කාපට් කිරිමේ ව්‍යපෘතියක් විවෘත කිරිම සදහා මීගමුවට පැමිණි පුෂ්පා රාජපක්ෂ මහත්මිය පිළිගැනිම සදහා මීගමුවේ බදුගෙවන ජනතාවගේ මුදලින්  රු දෙලක්ෂ හතලිස්පන්දහසක් වැය කර ඇතැයි මීගමුවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා ප්‍රකාශ කරයි.

1 COMMENT

Comments are closed.