ඇමති මිල්රෝයිගේ ධීවර ඇමති සිහිනයට මොකද වෙන්නේ ?

0
72

පුත්තලම් දිස්ත්‍රික්ක ජේෂ්ඨ ඇමතිවරයෙකු වු මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ නමද මෛත්‍රි පාලනයට සහය දෙන කණ්ඩායමේ වි යැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබණි.කෙසේ වෙතත්
මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක ජනාධිපති මහින්දගේ මෙහෙයුම් කමිටු සමාජිකයන් මිල්රෝයි ඇමති වරයා සනසා ඒ පිළේම සතුටින් යෙහෙන් වැජඹිය හැකි ඉඩ ප්‍රස්ථා ගැන දැනගන්නට සලස්වන්නට ඇත.
කෙසේ වෙතත් ඒ නිසාදෝ පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රදේශයේ පැවැති එක්තරා රැස්විමකදි මිල්රෝයි ප්‍රනාන්දු අමත්‍යවරයා විසින් එහි පැමිණ සිටි අධාරකරුවන් වෙත සතුටින් දන්වා ඇත්තේ තමන් වෙත ධීවර ඇමති ධුරය ලැබෙන්නට නියමිත බවය.
එහෙත් එවැනි තනතුරක් ඔහු වෙතට දිම සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ බහුතරයකගේ අමනාපය නිසා මිල්රෝයි ප්‍රනාන්දු ඇමතිවරයාගේ සිහිනය අවිනිශ්චිත එකක්ව ඇත්තේය.sea