ඇමති රාජිත ගැන බොරු ලියපු අයට භික්ෂූන්වහන්සේලා මාධ්‍යකරණය ගැන කියාදෙති!

0
80

 

IMG-20190613-WA0028පසුගිය දිනවල රාජපක්ෂවාදි මාධ්‍ය වලට සහ රාජපක්ෂ බුකිවාදින්ගේ කටගැස්ම වි තිබුනේ මිගමුවේදි ඇමති රාජිතට එරෙහිව පැවැති විරෝධතාවය සහ රාජිත එනවිට බෞද්ධ භික්ෂූන්වහන්සේලා පිටව යාම ගැන කතාවකි.වෘත්තිය සුදුසුකම් නැති මිගමුවේ ඇතැම් මාධ්‍ය කුලිකරුවන්ද සිය ස්වාමින්ට ආතල් දෙමින් නහුතයක් බොරු වාර්තා කොට තිබුණි.මේ බයියන්ගේ ලොකුම අවාසනාව නම් ගණන් සාස්තරය නොදැන සිටිමය.ගණනින්නවත් නොදන්නා මේ ලියන්නන් රටට කියන්නට උත්සාහ කලේ මිගමුවේ ජනයා දැවැන්ත විරෝධයක් සිදුකර ඇති බවය.එහෙත් ඇත්ත තත්වය නම් මේ විරෝධතාවයට සිටියේ 36දෙනෙකු පමණි.අප විසින් මේ සත්‍ය හෙළිදරව් කිරිමෙන් පසු මේ බයියන් ගල උඩකැත කල බළලුන්ගේ ගානට වැටුණි.දැන් නම් මේ බයියන්ට යනඑනමං නැතිවෙන ගානට කටයුතු සිදුව තිබේ.ඒ අඟුරුකාරමුල්ල පන්සලේ ගරු ස්වාමින්වහන්සේලා විසින් කරන්නට යෙදුන හෙළිදරව් කිරිම්ද සමගින්ය.

වෙබ් අඩවියක පළවු අසත්‍යය පුවතක්
(එක් වෙබ් අඩවියක පළවු අසත්‍යය පුවත )

Screenshot_20190615_101834_com.facebook.katanaඒ මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්  අඟුරුකාරමුල්ල මුල්ල පන්සලේ ගරු ස්වාමින්වහන්සේලා රටට පච බෙදෙන මාධ්‍ය වලටත් ඒවාට වැරදි තොරතුරු සපයන මිගමුවේ ලියන්නන්ටත් මාධ්‍ය සදාචාරය ගැන කියාදෙන්නටද අමතක නොකලේය.ඒ අනුව උන්වහන්සේලා කියා සිටියේ  රාජිත ඇමතිවරයාට විරෝධය පළකරමින් නැගිට ගියේ නැති බවත් තවත් ආගමික කටයුත්තක් සදහා ඉක්මනින් යායුතු නිසා නැගිට ගිය බවත් රාජිත අැමතිවරයා සමගින් කෙටි සාකච්ඡාවක් මිගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ගැන කල බවත් පවසා තිබුණි.එපමණක් නොව සිදුවිම් වාර්තා කිරිමේදි වඩාත් වගකිමෙන් කටයුතු කල යුතු බවද මේ බොරු ලියා තිබුන අය වෙත මතක් කර තිබුණි.ඉඩම් බ්‍රොකර්වරයෙකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක මේ ගැන වාර්තා කර තිබුනේ ඡායාරුප පවා පළකරමින් මේ ස්වාමින්වහන්සේලා ඇමති රාජිත එනවිට නැගිට ගිය බව සදහන් කොට තිබුනි.මාධ්‍ය යනු වෘත්තියකි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම් පතක් ලබාගත් පමණින් ඔහු මාධ්‍යකරුවෙකු නොවන බව අප කියන්නේ දැන් වසර ගණන සිටය.එය මිගමුව තුල යළි යළිත්.ඔප්පු වෙමින් තිබේ.වෘත්තිය පරිචයක් නැති කිසිවෙකුටවත් මාධ්‍ය හැදුනුම්පත නිකුත් නොකිරිමේ වගකිම් එදාටත් වඩා අද තීරාණාත්මක වි ඇත.ඒ ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉදිරියේදි නිවරදි තින්දුවක් ගනු ඇත.එබැවින් වෘත්තිමය බවක් ඒ සසහා වන මුලික අධ්‍යාපනික සුදුසුකම් නැති අයවෙත මෙය ලබාදිමේ විපාකය අද මිගමුවේදි නම් ඉහලින්ම ඔප්පු වෙමින් තිබේ.මාධ්‍ය වෘත්තිය යනු  ඉඩම් විකිණිම හෝ ත්‍රිරෝද රියදුරු වෘත්තියට වඩා බරපතල වෘත්තිය වගකිමක් ඇති එකකි.එහෙත් අවාසනාවකට මිගමුවේදි අප දකින ඇතැම් අය මාධ්‍ය වෘත්තියට නම් කිසිදු සුදුසුකමක් නැත්තෝම වෙති.මේ ගැන නිසි ලෙසින් තේරුම්ගැනිමට මිගමුවේ ඇතැම් පොලිස් නිළධාරින්ටද නොහැකිව තිබිම අභාග්‍යයකි.