ඇමති ලංසාගේ බිරිඳ දේශපාලනයට…?

0
114

lansa 7ඇමති ලංසාගේ බිරිද ඉදිරි මහනගර සභා මැතිවරණයකදි  බොහෝ විට ආණ්ඩුපක්ෂය වෙනුවෙන් තරග කරනු ඇතැයි යන පුවතක් අප වෙත ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ඇත.
ඒ අනුව ඇමති ලංසා පාර්ලිමේන්තුවටත් සොහොයුරා පළාත් සභාවටත් යද්දි මීගමුවේ ලංසා පුවල නියෝජනය කිරිම සදහා ඉඩසැලසෙනු ඇත.
පසුගිය කාලය තුල ඇමතිවරයාගේ කිසිදු දේශපාලන කටයුත්තකදි ඇය කැපිපෙන්නට ඉදිරියට ආවේ නැත.එය මීගමුවේ කාගෙත් කථා බහට ලක්වු කරුණක් වුවා පමණක් නොව බොහෝ දෙනෙකුගේ පැසසුමටද ලක්වු කරුණක් විය.
එහෙත් පසුගිය දිනවල ඇය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අවතිර්ණ වෙමින් ජනතාව අතර බඩු බෙදිමේ කටයුතු වලද නිරතව සිටියාය.
තවමත් මීගමුව තුල ඇති කුල සාධයකද මෙවන් වෙනසකට බොහෝ දුරට හේතුවුවා   හැකි යැයි තතු දන්නෝ පවසති.
බිරිදගේ ඥාතිපරපුර සිටින්න් පිටිපනය. එහි බහුතරයක් දෙනා අයත් වන්නේ දුරාව කුලයටය. වැල්ලිවිදියේ බහුතරයක් දෙනා අයත් වන්නේ කරාව කුලයටය.මීගමුව තුල තවමත් මේ කුල දෙක ප්‍රබල තැනක තිබේ.
කෙසේ වෙතත් ශ්‍රි ලංකා දේශපාලනය තුල කාන්තා නියෝජනය වැඩිම පැත්තෙන් බලන කළ නම් එය වැදගත් පුවතකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here