ඇමති ලංසාගේ මහඇමති සිහිනය බිඳ වැටේ ..ජන්ද සටනත් අඩාලයි….

0
405

හිටපු ඇමති නිමල් ලංසා සිය මැතිවරණ සටන ආරම්භ කරේ ලක්ෂෙට කොඩි බැනර් හා කටුවුට් දමාගෙනය.එයෙ කොයිතරම් අතිධාවකකාරි වුවේද යත් අධිවේගි මගට පෙනෙන සේ පවා තඩි කට් අවුට් දැමිමට ඔහු සිය අනුගාමිකයන්ට උපදෙස් දි  තිබුණි.
මේ අතර මහ ඇමති පුටුව සදහා නම් රු ලක්ෂ 1000 ක් වැය කළ යුතු යැයි ඔහු කර තිබුන ප්‍රකාශයට මාධ්‍ය වල පවා පුළුල් ප්‍රචාරයක් ලැබි තිබුණි.
එමෙන්ම ඔහු ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මුළු දිස්ත්‍රික්කය පුරා ආවරණය කරගනිමින් සැලැසුම් වෙද්දි මෙවර හිටපු මහඇමති ප්‍රසන්න රණතුංගටත් වඩා මනාප ඉල්ලකයක ඔහු සිටින බවත් ඇතැම් ප්‍රදේශවල ආණ්ඩු පාක්ෂියකයන් ඔහුට වැඩකරන්නට පොළඹවා ගැනිම සදහා මහ ඇමති සිහිනය ගැනද ඒ අයෙගේ කන්වල තබා තිබුණි.
කෙසේ වෙතත් මේ සියළු බලාපොරොත්තු සුන් කරගන්නට හිටපු  ඇමතිවරයා ට සිදුවුයේ මෙවරත් මහ ඇමති වෙනින් කව්රුත් නොව ප්‍රසන්න රණතුංගම බව පසුගිය දිනක බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේ ක්‍රියාසිටිමත් සමගය.
මේ නිසා හිටපු ඇමති ලංසාගේ මැතිවරණ වැඩසටහන පවා යම් පසුබෑමකට ලක්විමට පටන් ගෙන ඇති බව ඔහුට සමිප ආරංචි මාර්ග සනාථ කර සිටි.