ඇමති ලංසාට තවත් අභියෝගයක් ? ලංසා පවුල විසින් විසිකර දැමු කපිලත් මැතිවරණ සටනට ?

0
87

kapila 2ඉතිහාසයේ වෙන කිසි කලක නොවු විරු අන්දමින් ඇමති නිමල් ලංසාගේ මෙවර පාර්ලිමේන්තු සිහිනය දැවැන්ත අභියෝගයකට ලක්ව තිබේ.ඒ බැව් ඔහුද දන්නා නිසා මිගමුව නගරය පීරමින් විවිධ ජනකොටස් සොයා යනවා පමණක් නොව පස් හයදෙනා පවා ගෙන්වා රැස්විම් පවත්වති.
මෙයට සමාන්තරවම නගරාධිපති මල්ලිද අයියා වෙනුවෙන් විවිධ ජනකොටස් හමුවෙනාව පමණක් නොව විවිධ පොරොන්දු ද දෙනු ලබයි.
වරෙක ත්‍රිරෝද රථ රියදුරන් කැදවා විවිධ දේ පොරොන්දු වෙයි.මිගමුවේ ත්‍රිරෝද රථ රියදුරෝ අකමැති දෙයක් වන මිටර් සවි කර දෙනු ලබන බවද කියයි.කෙසේ වෙතත් මේ සියලු සංදර්ශණ මැද වුවද මන්ත්‍රිවරයෙකු විම සදහා වන සිමාවේ ඉම තවමත් පහසුවෙන් ලකුණු කරගැනිමට ඇමති නිමල් ලංසාට නොහැකි වි තිබේ.
තතු මෙසේව තිබියදි දැන් තවත් අභියෝගයකි.
එනම් මෙවර එජාප සන්ධානය යටතේ කපිල නන්ද සුලෝචනද මිගමුවෙන් සටහන් බිමට පැමිණිමට නියමිත බව යම් වාර්තා මේ වන විට පළවන්නට පටන් ගැනිම නිසාය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ලංසා පවුල විසින් පොහොට්ටු පක්ෂය මිගමුවේ ගොඩනැගිමට ආරම්භයෙකු වු කපිල නන්දසුලෝචනව ඉතා කුමන්ත්‍රණකාරි ලෙසින් අපෙක්ෂකය ලයිස්තුවෙන් කපා හරින ලදි.
ඉන් අනතුරුව කපිල එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් කෙසෙල් ඇවරියෙන් තරග බිමට පිවිසේය.දැන් ඔහු නාගරික මන්ත්‍රිවරයෙකුද වෙයි.
මෙවර කපිලගේ පැමිණිම යනු ඇමති නිමල් ලාංසා ට ඒකාන්තයෙන්ම බරපතලම විවේචනයකට ලක්විමට සිදුවනු ඇත.
ඇමති ලංසා දැන් පත්ව ඇති අභියෝගය හමුවේ කපිලගේ පැමිණිම යනු මිගමුවේ කොට්ටාශ 29 පුරාවටම ලංසා බරපතල විවේචනයකට පත්විමට නියමිත විමයි