ඇමති ලංසා අර්බුදයක ? ඇමතිගේ කාන්තා බලය ගිලිහේ ? මැයි දිනේට සෙනගත් නෑ ?

0
47

Protest at negombo court 2014/12/15/ranjan -lansaපසුගිය වසර වලදි ගම්පහ දිස්ත්‍රික්කයෙන් බස්පුරෝගෙන කාන්තාවෝ ගෙනියන්න හපනා වෙලා උන්නේ ඇමති නිමල් ලංසා.මැෂින් කිරිහරක් අදි මෙකි නොකි සියළු සහනයන් අතපිරින්නට ලබාදෙමින් ඔහු රැස්විම සදහා ගෙනයන්නට එවරෙඩි කාන්තාවන් පිරිසක් සිය කාන්තා සමිති වටා ගොනු කර තිබුණි.
මේ නිසා සෙනග නම් ලංසා තමයි යැයි නමක්ද පටබැදි තිබුණි.
එහෙත් තත්වය දැන් වෙනස්ය.
මෙවර මැයි දිනය සදහා අඩුම තරමින් සංකේතාත්මකව යම් පිරිසක් ගෙනයාම සදහා අදාල කටයුතු සංවිධානය කරගැනිමට මෑතකදි කැදවා තිබුණ රැස්විමකට කාන්තාවන් පැමිණ තිබුනේද ටික දෙනෙකි.
මේ අය ඉදිරියේදි ඇමති ලංසා ඉල්ලා ඇත්තේ අඩුම තරමින් එක්කෙනා පස් දෙනා ගානේවත් මැයි දිනේට යන්න අරන් එන්න යැයි කියාය.
ඉදිරියට තවදුරටත් දේශපාලනයේ ඉන්නවාදැයි තමා දැන් සිතමින් සිටින බවද පැමිණ සිටි කාන්තාවන් හට කියා තිබුණි.
ඉස්සර වගේ දැන් අපට සෙනග අදින්න බෑනේ මීගමුවෙ ශ්‍රිලනිප සෙනග දැන් ඉන්නේ මගෙත් එක්ක නෙමේ යැයිද ඔහු එහිදි කියා ඇතැයි සැලය.