ඇමති ලංසා අර්බුදයක? මහ සෙනගක් මැද හුදකලාවෙලා ?

0
53

sarath meetingශ්‍රිලනිප මීගමුව මැතිවරණ කාර්යාලය විවෘත කිරිම 2014 නොවැ 09 වනදා සවස කුරණදි සිදුවුයේ ආර්ථික සංවර්ධ කටයුුතු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මුලිකත්වයෙනි.
මෙහි සියළු සංවිධාන කටයුතු සිදුව තිබුනේ මීගමුව ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්න මහතාගේ නායකත්වය යටතේය.
සාමාන්‍යයෙන් මැතිවරණ කාර්යාලයක් විවෘත කිරිමේදි සහභාගි වෙන ජනතාවට වඩා විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටිනු දක්නා ලදි.
රැස්විම ආරම්භ වන්නට පෙර  තවත් නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු සමගින් පැමිණ සිටි ඇමති නිමල් ලංසාට එතරම් පාක්ෂික ප්‍රතිචාරයක් නොලැබුන බව අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.
එපමණක් නොව උත්සව සභාව අමතමින් ඇමති සරත් ගුණරත්න විසින් පවත්වන්නට යෙදුන කථාවේදි එහි සිටි සියළු පක්ෂ ප්‍රධානින්ගේ නම් සදහන් කරමින් අවසර ගෙන තිබුනද ඇමති ලංසාගේ නම සදහන් කර තිබුනේ නැත.
නගරාධිපති ඇන්ටනි ජයවීරගෙන් පවා අවසර ගත් ඇමති වරයා නිමල් ලංසාගේ නම නොකිම අතපසුවිමක්ද ? නැතිනම් හුදකලා කිරිමක්ද ?
කෙසේ වෙතත් ලංසා සරත් ගැටුම දැන් අළුත් අදියරකට ගමන් කරමින් තිබෙන්නේ එහි වැඩි අවාසියක් ඇමති ලංසා වෙත අත්කර දෙමිනි.
බැසිල් රාජපක්ෂ ඇමතිවරයා විසින් පවා ඇමති ලංසාගේ නම සදහන් නොකිරිමද මෙහිදි විශේෂත්වයකි.
විශේෂයෙන්ම පසුගිය සතියේ පැන නැගුන ධිවර අරගලයේදි බහුතරයක් වු සුළු ධිවරයන්ට එරෙහි ස්ථාවරයක් ඇමති ලංසා ගැනිමත් සමගින් දේශපාලනික වශයෙන් බරපතල අර්බුදයකට ගමන් කිරිමට ඔහුට සිදුව ඇති බව යළිත් වතාවක් ඊයේ පැවැති උත්සව අවස්ථාවේදිද ඉස්මතුවි පෙනුණි.
ඡායා- පියපේම