ඇමති ලංසා සහ නගරාධිපති ජයවීර අතර ගැටුම අවසන්ද ?

0
63

ඇමති නිමල් ලංසාෙග් උවමනාවන්ම ඉටුකරමින් දෙවසරක් නගරය පාලනය කළ නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා අංශක 180 ක් බ්‍රමණය වි ඇමති ලංසාට එරෙහිව  ඇන්ටනි ජයවීර ලෙසින් කටයුතු කරන්නට පටන්ගත්තේය.
මෙය නොරිස්සු  ඇමති නිමල් ලංසා ඇතුළු ඔහුගේ කුටුම්භය  ඇන්ටනි ජයවීරට එරෙහිව අවි අමෝරා සටනට පිවිසියේය.
එය වඩාත් දරුණු තත්වයකට පත්වුයේ අයවැය පරාජය කොට ඇන්ටනි ජයවීරව ඉවත් කළ යුතුය යන ස්ථාවරයකට පවා ඇමති නිමල් ලංසා පත්විමත් සමගින්ය.
මේ නිසාම පක්ෂයේ ලේකම්ගේ ඉල්ලිමට පවා එරෙහිව යමින් ඇමති ලංසා අයවැය පරාජය නොකළ යුතුය යන්න සාකච්ජා කිරිම සදහා මීගමුව ආසන සංවිධායක ඇමති සරත් ගුණරත්න විසින් කැදවු විශේෂ සාකච්ජාවට ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් සහභාගිවිම වැලැක්විම සදහා සංවිධානාත්මකව වැඩපිළිවෙලක් සකසා තිබුණි.
මේ නිසා සරත් ගුණරත්න ඇමතිවරයා විසින් කැදවු එම රැස්විමට පැමිණ සිටියේ එක් අයෙක් පමණි.
කෙසේ හෝ පසුව ඇන්ටනි ජයවිර හා ඇමති ලංසා අතර පැවැති විශේෂ හමුවකින් පසුව තත්වය වෙනස් වි තිබුණේ එකඟතා කිපයකට ජයවිර මහතා පැමිණිමෙන් පසුව යැයි වාර්ථා වේ.
ඒ අනුව නගර සභා පාලනයේ අවසන් වසර ඇන්ටනි ජයවිර හට වෙනත් අයෙකු හට පැවරිම පවා ඇතුළුත්ව තිබිය හැකියැයි රාවයක් පැතිර යමින් තිබේ.
කෙසේ වෙතත් ඉදිරියේදි මේ එකඟතා එකින් එක එළි දකිනු ඇත.