ඇමති ලංසා සහ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රින් පිරිසක් මීගමුවේ හෝටලයකදි හමුවෙලා ?

0
129

Nimal Lඇමති නිමල් ලංසා පිලිබදව පසුගිය දින කිපය තුල විවිධ පුවත් පැතිර යන්නට පටන්ගෙන තිබුණි.
වරක කියැවුනේ ඔහු එජාපයට පැනිමට ඇති සුදානමක් ගැනය.
තවත් වරක සැලව තිබුනේ දේශපාලනය ගැන කළකිරි ජර්මනියේ පදිංචියට යාමට ඇති සුදානමක් පිලිබදවය.
කෙසේ වෙතත් පසුගිය දිනක මීගමුවේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රින් පිරිසක් විශේෂ සාකච්ජාවකට කැදවා තිබුණ බව වාර්ථා වේ.
මෙම හමුව ඉදිරියේදි ඇමති නිමල් ලංසාගේ අනාගත දේශපාලන සැලැස්ම ගැන කිසියම් ඉගියක් කරන්නට යෙදුන එකක් බවද කියැවේ.
මේ අතර මීගමුවේ මහින්ද පිළේ නියෝජිතයන් ලෙසින් මේ දිනවල ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරයෙක් සහ පළාත් සභා මන්ත්‍රිවරයෙකු ජුලි 28 වෙනිදා පැවැත්විමට නියමිත පාගමන සදහා මීගමුවෙන් 1000 ක් ගෙනයාමේ මෙහෙයුමක නිරතවද සිටී.