ඇමති ලංසා හා එක්විම නිසා සුදර්ශණීත් අවදානම් කලාපයට ?

0
102

sudarshani 2මැතිවරණ උණුසුම නාමයෝජනා භාරදෙන්නටත් පෙර සිටම ඇරඹි ඇති සෙයකි. මෙහෙදි වඩාත් කලබලයට පත්ව තැන තැන දුව ඇවිදිමින් කුඩා කුඩා කණ්ඩායම් හමුවෙමින් බඩු බෙදමින් සිටින්නේ මෙවර වැඩියෙන්ම පරිදින්නට ඉඩ ඇතැයි සිතන දේශපාලකයන්ය.
මේ අතර කලක් නමක් තබාගෙන සිටි ප්‍රනාන්දුපුල්ලේ සන්නාමය ඉදිරිය ගෙන යමින් සිටින විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ එක්තරා අන්දමකට අවදානම් කලාපයක් කරා ගමන් කරමින් සිටින බව දේශපාලන කවයන් අතර කථාබහක් මතුව තිබේ.
ඊට එක් හේතුවක් වන්නේ රාජපක්ෂ පවුල අතහැර මෛත්‍රි සමගින් එදා එක්විමය.
දැන් ඊටත් වඩා බලපාන තවත් ප්‍රශ්ණයක් ඉදිරියට පැමිණෙමින් තිබේ. එනම් ගම්පහ දිස්ත්‍රික්කයේ බහුතර ආසන ගණනකට යාමට නොහැකි ලෙසින් අමනාප කම් හදාගෙන සිටින ඇමති නිමල් ලංසා දැන් ඉතුරුවි ඇත්තේ යාහැකි ආසන ඉතාමත් අතලොස්සකි.
මේ අනුව ඇමති ලංසා හා හවුල් මැතිවරණ සටනකට සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රිවරිය එක්වන්නේ නම් එය සැබැවින්ම ඇයට අවාසියක් ගෙන එනු ලබන කරුණක් විය හැකි බව දැනටමත් උගත් බුද්ධිමත් දේශපාලන කවයන් අතර කථා බහක් බවට පත්ව තිබේ.ඒ ඇමති ලංසාට පවතින දැඩි විරෝධය හේතුවෙනි.මේ නිසා සුදර්ශණිද මේ වන විට පැහැදිලි ලෙසින් අවදානම් කලාපයක් කරා ගමන් කරමින් සිටි.