ඇමති සනත්ව පැසසු මිගමු නායකයෙකුට ධිවරයෝ ”හු” කියති

0
89

 

IMG-20200218-WA0079බහුදින යාත්‍රා හිමියන්ගේ රස්සාව තුළ මතුවී ඇති අර්බුදකාරී තත්වයක් පිළිබඳව සාකච්ඡා කිරීමට යොදා ගත් රැස්වීම තුළ ධීවර නායකයින් විසින් විවිධ අදහස් ඉදිරිපත් කරන ලදී. මේවනවිට මුහුදේ විදේශීය නැව්වලට මසුන් ඇල්ලීමට ඉඩදීම නිසා මාළු මිල පහත වැටීම මතුවී ඇති ප්‍රශ්ණයයි. මෙම ප්‍රශ්ණය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් විය.IMG-20200218-WA0056
එම ප්‍රශ්ණයම නැවත සාකච්ඡා කලත් , මතුවන්නේ ප්‍රශ්ණයේ සැබෑ තත්වය නොව කපටි දේශපාලකයින්ට රැවටෙන මෙවැනි සමීති නායකයින්ගේ ගැති භාවයයි. ඔවුන් ඕනෑම ප්‍රශ්ණයකට මැදිහත් වන්නේ තමන්ට වාසිදායක තත්වයන් තුල පමණක් බව ඉතා පැහැදිළිය .පිට්ටනියක් පිලිබඳව ජනතාව කරන ඉල්ලීම කිසිවෙකුට ප්‍රතික්ෂේප කල නොහැක . නමුත් ඉහතකී භූමි ප්‍රමාණය අනුව සැකසිය හැක්කේ වොලිබෝල් පිට්ටනියක් පමණි .මුන්නක්කරය ප්‍රදේශයේ වොලිබෝල් පිට්ටනි ඕනෑ තරම් ඇත . සමහර ඒවා ප්‍රදේශවාසීන් වැටවල් ගසා අල්ලා ⁣ගෙනය. එසේ තිබියදී දරුවන්ට ක්‍රීඩා පිටියක් යන්න ජනතාව ගොනාට අන්දවන්නක් බව පැහැදිළිය. එනිසා මෙය කිසිවෙකුගේ පටු අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන්නක් බව ප්‍රදෙශවාසී ජනතාවගේ අදහසයි.
කෙසේ වුවත් මේ අනුව පැහැදිළි වන්නේ පැවති ධීවර ප්‍රශ්ණයට වඩා පලමුව ඇමතිවරයාට සුදුහුනු ගෑමෙන් තමන්ටද ඉන් වාසියක් සිදුවේ යැයි ඔහු සිතා ඇති බවය.
නමුත් මීගමුවේ ප්‍රධාන සංවිධානයක ප්‍රධානියෙකු මීගමුව තුළ කතා කලයුතු සහ විසඳා ගතයුතු ප්‍රශ්ණයක් නයිනමඩමේ මෙම රැස්වීම පැවති sun venis නම්වූ උත්වසව ශාලාවටද රැගෙන ගිය අතර එය එම අවස්ථාවේ ධිවර ජනතාවගේ දැඩි විරෝධතාවයට හේතුවිය .
එසේම ඔහු උත්සාහ කලේ ධීවර රාජ්‍ය ඇමතිවරයාගේ නිවැරදි බව ඔප්පු කිරීමටය.
කෙසේ වෙතත් මිගමු ධිවර නායකයාට අන්තිමේදි නිහඩ වන්නට වුයේ හූ හඩ මැදය.