ඇමරිකාව ඇතුළු ජගත් බලපෑම හමුවේ ආණ්ඩුව දණගසයි.

0
80

USAකිලිනොච්චියේ සිදුවෙමින් ඇති මානව හිමිකම් කඩවිම් පිළිබදව තොරතුරු විමසිමට ගොස් සිටියදි අත්අඩංගුවට ගැනුන මානව හිමිකම් ක්‍රියාධරයන් හට කොටි ලේබලය අලවා 18 මාසයක් කුඩු කරන්නට පිඹුරු පත් සකසමින් සිටි රජය හිටි හැටියේම ඊයේ මැදියම් රැයේදි හදිස්සියේම ඔවුන් දෙදෙනා නිදහස් කර තිබුණි.
ආරක්ෂක ලේකම් ඇතුළු රජයේ සැලැස්ම පරදවා මානව හිමිකම් ක්‍රියාධරයන් නිදහස් කිරිමට රජයට සිදුව තිබුණේ ලොව පුරා ගොඩනැගෙමින් තිබුණු විරෝධතාව හමුවේ මතුවිය හැකි තත්වයන්  කළමණාකරණය කරගැනිම වෙනුවෙනි.
ලොව පුරා ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන මෙන්ම රාජ්‍යයන්ද මේ අත්අඩංගුවට ගැනිමට සිය විරෝධය පළකරමින් මැදිහත්විම් කර තිබුණි.
සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතාවක්ද 2014 මාර්තු 19 වනදා දවල් කොළඹදි උද්ඝෝෂනයක් පැවැත්විමටද කටයුතු සංවිධානය කර තිබුණි.
විශේෂයෙන්ම වාර්ථා වන අන්දමට ඇමරිකාව විසින් කරන්නට යෙදුන බලපෑම මෙහිදි තිරණාත්මක වු බව  සිවිල් සාමාජ ආරංචි මාර්ග සදහන් කරයි.
එහෙත් විශේෂනේම රුකී ප්‍රනාන්දු සහ ප්‍රවින් පියතුමාගේ  ඊමේල් ගිණුම් සහ අනෙකුත් සමාජ ජාලයන්ගේ මුරපද කෙසේ හෝ ලබාගෙන ඇති ත්‍රස්ත විමර්ශන ඒකකය ඒවා සියල්ල නිරක්ෂණය කර ඇති බවද වාර්ථා වේ.