ඇය ලබන ඉරිදා විශ්‍රාම යන්නීය

0
131
FB IMG 1632366643936

අවුරුදු 16 ක මහජන සේවාවකින් පසු ඇන්ජෙලා ලබන ඉරිදා විශ්‍රාම යනු ඇත .සැප්තැම්බර් 26 වන දින ජර්මනියේ මහා මැතිවරණය පැවැත්වෙන් අතර 2005 සිට ජර්මනියට නායකත්වය දුන් ඇන්ජෙලා ඩොරතියා මර්කල් මහත්මිය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත

1954 උපන් මර්කල් මහත්මිය ජනවර්ග දෙකකට උරුම කම් කියන්නීය ඊට හේතුව ඇගේ තාත්තගේ තාත්තා පෝලන්ත ජාතිකයෙකු වීමය .තමා කාලක් පෝලන්ත බව මර්කල් මහත්මිය ප්‍රසිද්ධියේ කීපවතාවක් කියා තිබුණි

ඇය කුඩා කාලයේදී සහ තරුණ කාලයේදී නැගෙනහිර ජර්මනියේ හෙවත් කොමියුනිස්ට් ජර්මනියේ ජීවත්වූ අතර එහි දී කොමියුනිස්ට් තරුණ ව්‍යාපාරයටද එකතු වී මාක්ස් ලෙනින්වාදය ද ඉගෙනගත්තාය .

පාසලේදී රුසියන් බස උගත් ඇය රුසියන් බස දන්නා හොඳම තුන්වන ශිෂ්‍යයා බවටද පත්වුවාය . පාසලෙන් පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා කාල් මාර්ක්ස් විශ්ව විද්‍යාලයට ඇතුළුව භෞතික විද්‍යාව ඉගෙනගත්තාය එහිදී උපාධිය ලබා ගත් ඇය තව දුරටත් අධ්‍යාපන කටයුතු කොට ක්වොන්ටම් රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධියක් ද ලබා ගත්තාය

FB IMG 1632366646422

නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් පාලනය බිඳ වැටීමෙන් පසු නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය එක රටක් බවට පත් විය දේශපාලන කටයුතුවල නිරතවූ ඇය ක්‍රිස්තියානු ප්‍රජාතනත්‍රවාදී පක්ෂයේ නය්කාවක් බවට පත්වූ අතර 2005 දී ජර්මනියේ චාන්සලර් හෙවත් අගමැති තනතුරට තේරී පත්වුවාය

ජර්මන් ජනතාවගේ ආදරය නොකඩවා හිමිවූ ඇය ජාතිවාදයට තදින් විරුද්ධ වුවාය

ඇය තම දේශපාලන නායකත්වය පරදුවට තබමින් සිරියානු යුධ අනාථයන් ලක්ෂ 11 කට 2016 දී ජර්මනියේ රැකවරණය ලබා දීම ඇගේ විශිෂ්ට මානව දයාව ලෝකයාට පැහැදිලි කළ අවස්ථාවක් විය

පෝලන්තයේ අවුශ්විෂ කඳවුරේදී හිට්ලර් විසින් මරා දැමු ලක්ෂ ගණනින් යුදෙව් ළමුන් කාන්තවන් මහල්ලන් තරුණ තරුණියන් අනුස්මරණය කිරීම සඳහා 2019 දී එහි පැවැත්වූ අනුස්මරණ උත්සවයට සහභාගිවූ ඇය ජර්මන් ජාතිය ලෝකයේ උසස්ම ජාතිය යන මතය තමා ප්‍රතික්ෂේප කරන බව ඇය ජර්මන් ජනයාට යලි මතක් කර දුන්නාය . මෙම කුරුරු ඝාතන ගැන තම ලජ්ජවන බවද ඇය එහිදී කීවාය

යුරෝපා සංගමයේ ඇත්ත නායකයා වුයේද මර්කල්ය

G 20 සමුළුවේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකළ ඇය නොකඩවා එහි රැස්වීම් 14 කට සහභාගිවීමෙන් වාර්තාවක් ඇය තබා තිබේ

දෙවරක් විවාහ වූ ඇයට දරුවන් නොමැත ඇගේ දෙවෙනි ස්වාමි පුරුෂයා මහා චාර්යවරයෙකි

දේශීය ගෞරව සම්මානයකින් සහ ජවහර්ලාල් නේරු සම්මාන ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසකින් ඇය වෙත ප්‍රදානය කර තිබේ.
අවුරුදු 16ක් ජර්මනියේ නායකත්වය දැරුවද දේශපාලන බලය යොදාගනිමින් දුෂිත ක්‍රියාවල යෙදුනු බවට කිසිදු චෝදනාවක් කිසිවෙකු ඇය වෙත එල්ලකොට නැත
බර්ටි රණවිරගේ

FB IMG 1632366649774

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here