
ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18 ක, රෝහල් 13 ක සහ තෝරාගත් ස්ථාන 8 කදී ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 5 ක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15 කදී ද එන්නත ලබා දීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අද ( 01) සිට ඔවුන්ගේ දෙවන ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් සහ එන්නත් කාඩ්පත රැගෙන ආ යුතුය.


