ඇහැළියගොඩ පොහොට්ටු රැළියේදී ශ්‍රීලනිපයේ ජෝන්ටත් ‘හූ’ තියා එලවයි (VIDEO)

0
151
‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂට සහයදීමට තීන්දුකළ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන ජෝන් සෙනවිරත්න,

ඇහැළියගොඩ පැවති ‘පොහොට්ටු’ රැළියේ ඇමතීමට සුදානම් වූ මොහොතේදී ඊට එක්ව සිටි පිරිස ඔහුට සිය කතාව පැවැත්වීමට නොහැකිවන අන්දමින් එකදිගට හූ.. කියමින් බාධා කළේය.

අවසානයේ දී වාසුදේව නානායක්කාර හා පවිත්‍රාදේවි වන්නිආරච්චි මැදිහත්වී ඔහුට සභාව ඇමතීමට අවස්ථාව සලසා දෙනු ලැබුවද ඔහුගේ කතාව අවසන්වන තෙක් බාධා කිරීම් නොකඩවා සිදු විය. එම තත්වය තුල ඔහු කතාව අතරමග නවතා දමනු ලැබිය.

වීඩියෝව
ගෝඨාබය රාජපක්ෂගේ අනුරාධපුර මංගල රැලියට එක්වූ ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායකට එරෙහිව එල්ලවූ විරෝධය මේවනවිට සංවිධානාත්මකව ක්‍රියාත්මකවන බව ඇහැලියගොඩ දී ජෝන් සෙනවිරත්නට එල්ලවූ විරෝධයෙන් පැහැදිලිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණයට එකතුවූ හිටපු අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රීලනිපය සමඟ එකතුවීම පිළිබඳව පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන්ද බරපතළ විරෝධයක් පාමින් සිටින බව ප්‍රකාශ කර එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඒ අනුව ශ්‍රීලනිපයේ සිටිමින් පසුගිය කාලයේදී යහපාලන ආණ්ඩුව සමග ළඟින් වැඩකළ  බොහෝ දෙනෙකුට පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩවීම ඉදිරියේදී දුෂ්කරවුනු ඇති බවය.
theleader.lk