ඉජිනේරු බාලාව රකින්න රන්මුතු සටනට

0
82

මීගමුව මහනගර සභාව යනු ලංකාවේ වැඩියෙන්ම දේශපාලනිකරණයට හසුවු තැනය. මේ නිසාම මෙහි සේවයට එන දක්ෂ අවංක නිලධාරින් මෙහි කාලයක් රැදි සිටින්නට සුදානම් නැත.මෙහි කාලයක් රැදෙන්නෝ නම් නගර සභාවේ ඇති පදමට හම්බකරන් කන්න සියළු ආචාර ධර්ම බල්ලාට දමා කටයුතු කරන හෙංචයින්ය.

මීගමුව මහ නගර සභාවේ ප්‍රධාන ඉජිනේරු බාලා නැමැත්තා පසුගිය දිනක මහනගර සභාවේ කොළ පැහැති කැබ් රථය පිටතට ගෙන ගොස් තිබුන අතර එහිදි එය අනතුරකට පත්ව තිබේ.වාර්තා වන අන්දමට මේ අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බිමතින් සිට ඇත.

දැන් බාලා මේ  බරපතල වැරද්දෙන් බේරෙන්නට කතාවක් ගොතන්නට පටන්ගෙන ඇත.වෙනත් රියදුරෙක් වාහනය පදවා ඇති බව කිම මේ සැලසුමේ කොටසකි.

මිගමුවේ බස් නැවතුම ඇතුළු තවත් බොහෝ ව්‍යාපෘති වලින්  හොදට හම්බ කරගත් බාලගේ තනි නොතනියට දැන් තවත් අයෙක් පෙරට පැමිණ ඇත. නගර සභාවේ දේපල පවා නගර සභාවට අයිති නැතැයි කියන්නට තරම් ලැජ්ජාවක් නැති ඔහු මේ සභාවෙන් හම්බ කරගත් මුදල් දැන් සුවිසල් මැදුරක් සදහා අයෝජනය කර ඇතියි වාර්ථා වේ

ඒ පළාත් සභා ඇමති නිමල් ලංසාගේ කිට්ටුවන්තයෙක් වු ඔහු තාක්ෂණික නිලධාරි රන්මුතුය.