ඉඩ දෙනවද පන්සල ඇරලා ..

0
128

.වැව පිටාර ගලා ගිහින් මහ වැහි වැහැලා
උන් හිටි පැල්පත වතුරට ගහන් ගිහිල්ලා
ඉන්න හිටින්නට හෙවනක් නෙමැතිම හින්දා
ඔබේ දපා ලඟ වැටුනේ සරණක් ඉල්ලා

ලොකු හාමුදුරුවෙ එදා දානෙ ගෙදරට වැඩලා
බණ දෙසුවා දන් දුන්නම හරි පිං කියලා
එදා එහෙම කිව්වට බණ පදයක් කරලා
අසරණ වී මං අාවම අැයි පන්සල වහලා

බෝපත් සෙලවෙන සුලඟට මගෙ දුක කියලා
ඔබේ දෙපා ලඟ වැන්දා පහනක් තියලා
පුංචි පැටව් එක්ක ටිකක් ඉන්නට වැටිලා
මට පොඩ්ඩක් ඉඩ දෙනවද පන්සල ඇරලා

ශිරන්ත පුෂ්පකුමාර෴………………………………………