ඉතාමත් ගුණදායක මුරුංගා හරියටම හිටවන විදිහ

0
744

අප ආහාරයට ගන්නා එළවළු අතර වටිනාකමින් වැඩි විශිෂ්ඨ ගණයේ එළවළු වර්ගයක් ලෙස මුරුංගා හදුන්වනු ලබනවා. ඊට හේතුව වන්නේ මුරුංගා පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ ආහාරයක් වීමයි. මුරුංගා ශාකයේ කරල් අප එළවළුවක් ලෙස ආහාරයට ගත්තද මුරුංගා කොළ, මුරුංගා මල් පවා අපේ ශරීරයට අතිශය ගුණදායක ආහාරයක් ‍වේ.මුරුංගා තුල ඇමයිනෝ අම්ල විශාල වශයෙන් අන්තර්ගත වේ. ඊට අමතරව අපේ ශරීරයට අවශ්‍ය බොහෝ සංඝටක රාශියක් මෙහි අඩංගුය. මේ නිසා මුරුංගා ප්‍ර‍තිඔක්සිකරණ ගුණයෙන් පරිපුරණ ආහාරයක් ලෙසද බොහෝ දෙනා හදුන්වයි.

1

2

මුරුංගා ගසක් අතීතයේදි සෑම නිවසකම දකින්නට හැකි වුනා. ඊට හේතුවන වන්නේ පැරණි මිනිසුන් එහි ඇති ගුණ දන්නා නිසයි.මුරුංගා යනු අපේ රටේ හොදින් වැඩෙන ශාකයක් වේ. වටිනා ගුණ රැසකින් පිරි මෙවන් මුරුංගා පැලයක් අපේ ගෙවත්තේ සිටව ගන්නට හැකි නම්. එයින් කොතරම් ගුණදායක ආහාර වේලවක් ඔබගේ දෛනික ආහාරවේලට එකතු කර ගැනීමට හැකි වේවීද. මුරුංගා කරල් අපි ආහාරයට ගැනීමට ව්‍යංජනයක් සේ සකස් කරනවා මෙන්ම මුරුංගා කොළත් මැල්ලුමක් සේ සකසා ආහාරයට ගැනිමට හැකියාව ඇත.

3

4

මුරුංගා වේලා කුඩු කොට තේ මෙන් පානය කල හැක.ශරීරයේ වර්ධන වැඩි කර ගැනීමට, බඩේ අජීරණයක් වු විට, දියවැඩියාව සදහා, අස්ථි ශක්තිමත් වීමට, මුත්‍ර‍දැවිල්ල, රූපලාවන්‍ය කටයුතු සදහා. ආදි ලෙස මෙකී නොකී සියල්ල සදහා වඩාත් යෝග්‍ය ඖෂධයක් වේ.බොහෝ දෙනෙක් තම ගෙවත්තේ මුරුංගා ගසක් සිටවා ගැනීමට කැමති වුවත් එය හරියාකාරව සිදු කර ගැනීමට සමත් වන්නේ නැ. ජලය වැඩියෙන් අවශ්‍ය නොවන නිසා වියළි කලාපයේ මෙන්ම ඕනැම ප්‍රදේශය මෙම මුරුංගා ශාකය සිටුවීමට හැකි වේ.මුරුංගා ගසක් සිටුවන විට ක්‍ර‍ම කිහිපයකට එය සිදු කළ හැක.

5

6

හොදින් වේලුනු මුරංගා කරලක මධ්‍යයේ ඇති බිජ කොම්පොස්ට් හා වැලි ගතිය ඇති වගා මාධ්‍යයක වගා කිරිමට හැකි වේ. පොච්චියක වුවද ඔබට මෙම මුරුංගා බීජ වගා කර ගැනීමට හැකි වේ. ඊට අමතරව තරමක් විශාල මුරුංගා අත්තක් ගෙන එහි ඇති කුඩා කුඩා අතු සියල්ල ඉවත් කර එහි ලොකු අත්ත පහසුවෙන් පොළවේ සිටුවීම කළ හැක. පොහොර දැමිමට නොකළත් ඉතා ඉක්මනින් වර්ධනය වන මෙම වටිනා ශාකය ඔබ සිටුවීමට උත්සහා කරන්න.නිවස වටා ඇති ගෙවත්තේ අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණ රාශියකින් පරිපුර්ණ මෙම ඖෂධීය ශාකය ඔබ අනිවාර්යෙයන්ම සිටු ගැනීමට උත්සහ කරන්න.

7

8

9

10

srilankabrand.info

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here