ඉතාලියෙන් ලංකාවට බඩු දාන ඒජන්තයන්ට එරෙහිව චෝදනා රැසක් !

0
465

Italy liqour( 9.00pm ) ඉතාලියේ සේවය කරනු ලබන ශ්‍රිලාංකිකයන් විසින් සිය නිවැසියන් වෙත එවනු ලබන බඩු පෙට්ටි නිසි වේලාවට නොලැබිම මෙන්ම ඒවා කඩා එහි ඇති වයින් ඇතුළු බිම වර්ග මෙන්ම චොක්ලට් ඇතුළු අනෙකුත් ආහාර පානද සොරකම් කරන බවට වන චෝදනා අද බහුතරයකගෙන් එල්ල වන්නට පටන් ගෙන තිබේ. ඉතාලියේ වෙසෙන සිය දුදරුවන් විසින් සිය දෙමව්පියන් හට එවනු ලබන ඉතාලි වයින් බෝතල් සොරාගෙන තිබිම පිළිබදව ශ්‍රිලාංකිකයන් විශාල ප්‍රමාණයක් අප වෙබ් අඩිවයද දැනුවත් කොට තිබේ.අප ඇමතු එක් දියණියක් කියා සිටියේ ඔවුන් බඩු පෙට්ටියක් දාන හැම විමටකම සිය පියාටත් මවටත් බ්‍රැන්ඩි බෝතලයක් එවිම පුරුද්දක් කරගෙන තිබුණද පසුගිය කාලය තුල මේ ක්‍රියාත්මක ජාරා මාෆියාව නිසා දෙමව්පියන්ට එවැන්නක් හෝ එවිමට දැන් අපහසු වි ඇති බවය.මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු බ්‍රෙෂියා පදිංචි අයෙක් කියා සිටියේ ඔවුන් ලංකාවේ සිටින පුතෙකුට එවන ලද ටි ෂර්ට් 12 ක් පමණ නැතිවි ඇති බවයි. Wines_12-Bottle-Red-Case
මේ නිසාම ඔවුන් මහත් අසරණභාවයකට පත්ව ඇති බවද කියා සිටිති.
මේ රටට විදේශ විනිමය ගෙනඒමට පෙරමුණ ගෙන ඇති විදෙස් රටවල ශ්‍රිලාංකිකයන් මුහුණ දි ඇති මේ ඛේදජනක තත්වය ගැන රටේ වගකිවයුත්තන්ගේද අවධානය කඩිනමින් යොමුකළ යුතුව තිබේ.
මෙසේ බඩු දමන් ඒජන්තයන් විසින් මේ බඩු ලංකාවේදි නැතිවිම ගැන චෝදනා එල්ල කරන්නේ රෙගු නිලධාරින් වෙතය.
එහෙත් ඇත්ත තත්වය නම් මෙහිදි වැඩිචෝදනාවක් එල්ල වි ඇත්තේ ඇත්ත වශයෙන් මේ එජන්තයන්ගේ ලංකා නියෝජිතයන් වෙතය.මේ අයගේ නම් ගම් පිටින්ම තොරතුරු මේ වන විටත් අප වෙත ලැබෙමින් පවති. අප ඒ සියළු දෙනා ගැන ඉදිරියේදි විශේෂ ලිපියක් මගින් හෙළිදරව් කිරිමටට බලාපොරොත්තු වෙමු.
මේ පිළිබදව පුළුල් කථා බහක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල මතුව තිබුණි.
පහත පළවන්නේ ඒ උපුටනයකි.

 

ඔබගේ දැනගැනීම සදහා…යි …මොවුන් කරන්නෙ අපිව අමාරුවේ දැමිමක්…සාමාන්‍යයෙන් කවුරුත් බඩු දාන්නෙ සිය මව් රටට යාමට මාසයක් හෝ ඊට වැඩි කාලයක් තිබියදී බව අපි සැවොම දන්න කරුණක් …නමුත් ඔවුන් අපව මුලා කර…අපට දිනයක් පවසන නමුත්…ඔවුන් කරන්නෙ ඔවුන් ට නැව් ගත කිරීමට සරිලන පරිදි බඩු එකතු කර…එය නැව් ගත කිරීමයි…නිදසුනක් වශයෙන් ..ඔවුන් කියන්නෙ මේ සදුදා නැව් ගත කරනවා කියාය…එදින සිට මාසයක් ගිය විට අපට අපේ බඩු ලබා ගත හැකි බව ඔවුන් පවසන නමුත් …ඔවුන් බඩු නැව් ගත කරන්නෙ ….කන්ටේනර් එකට සරිලන පරිදි බඩු ලැබීමෙන් පසුවය…එවිට අපට කී පරිදි ඒ දිනයට බඩු ලැබෙන්නෙ නැත …මාස එකහමාරක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇත…එ වන විට අප නැවත ඉතාලිය බලා පිටත් වීමට කාලය පැමින ඇත..මා මෙය ලිවීමට විශේෂ කරුන් නම්…අපට ලබා දෙන ලංකාවේ දුරකතන අංකයට අමතන විට..ඔවුන් අපට බැණ වදී…”හිතුනොත් බඩු දෙන්නෙත් නෑ..”කියා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here