ඉතාලියේදී තවත් ලාංකික තරුණයෙක් ගඟට බිලි වේ

0
92

යාන්තමට අව් රැල්ල වැටී මහපොළොව උණුසුම් වී එනවිට සති අන්තයේ විනෝද වීම ඉතාලියේ වෙසෙන ලාංකිකයන්ගේද සම්ප්‍රදායකි.බොහෝ විට ගංගාවක් හෝ මුහුදු වෙරළේ කමින් බොමින් ,නාමින් මධු විතෙන් සප්පායම් වෙමින් කෙළිදෙලෙන් ගත කරන්නට තරුණයින් පමණක් නොව පවුල් පිටින් රොක් වන්නේ වෙහෙසකර ජීවිතයට ඉසිඹු ලබන්නටය.පසුගිය ඉරිදා බෙර්ගමෝ සීමාවේ  ක්රෙමොනා පළාතේ අද්දා ගං ඉවුරේද එසේ ප්‍රීතියෙන් ගතකල හිතවත් පවුල් කිහිපයක  පිරිසකි.එකවරම ඔවුන්  දුටුවේ සැඩ පහරට අසුව ගසා ගෙනයන්නට පටන් ගත් තරුණියකි.

ගඟේ සැඩ පහර පිලිබඳ අවබෝධයෙන් යුත් සියලු දෙනා ගඟ පහළට දිවගොස්  දම් වැලක් සේ අත් පටලා ගසා ගෙන යන තරුණිය පටළවාගෙන ඇගේ දිවි බේරා ගන්නට සමත් වුහ.එහෙත් සිදු වූයේ නොසිතුවකි.ගඟ මැද පැත්තට වන්නට කෙළවරේ සිටි තරුණයෙකුට තමා අල්ලාගෙන සිටි අත අත්හැරුනි.වේගයෙන් ගලා යන  දිය වැලකට හසු වී ඔහු නොපෙනී ගියේ ක්ෂණයකිනි. ගලවා ගන්නා පිරිස් කිමිදුම් කරුවන් සහ හෙලිකොප්ටර් ගිලන්රථ වහ වහා රැස් වුවද පැයකට පමණ පසුව නුදුරේ තිබී සොයා ගන්නා විට ඔහුගේ සිරුර නිසල  වී තිබිණි.

තවෙකෙකුහේ ජීවිතය බේරා ගන්නට තම ජීවිතය පිදූ තරුණයා 30 හැවිරිදි සපුමල් උඩපිටිය නම් විය.ඔහු හුරතල් දියණියන් දෙදෙනාෙගන් සහ සෙනෙහෙබර බිරිද ගෙන් නොකියාම සමුගෙන ගොස් තිබිණි.සතියකට පෙර සිය බිරිදගේ හා  දියණියකගේ උපන් දිනය දා කේක් කෑල්ලක් කවා සිනාසුන මේ තරුණයා ඒ තමන්ගේ අවසන් දින කිහිපය යැයි මොහොතකටවත් නොසිතන්නට ඇත.නුවර  උඩුපුස්සැල්ලාව සිට ඉතාලියට පැමිණි ඔහු මිතුරන් අතරේ හොඳ මිතුරෙකි,සෙනෙහෙබර සැමියෙකි, දයාබර පියෙකි.ජීවිතය අරඹා මිහිරි සැමරුම් එකතු කරමින් වැඩි දුරක් යන්නට ඔවුනට නොහැකි විය.

සියලු සිහින අතරමග දමා සුළඟට පහන් සිලක්  සේ නිවී යන්නට සුන්දර තරුණයෙකුට දෛවය විසින් අණ කිරීම කෙතරම් අකාරුණිකද ?

11391765 934044413304833 2946538551233067296 n

11657378 10206055098833310 2118678528 n

11657447 10206055098713307 1807415770 n

 

උපුටා ගැනිම – http://sithtv.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here