ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන 283 දක්වා ඉහලට ! දැනට මරණ 7 ක් !

0
188

Coronavirus Paolo Salmoirago Ansa

ඉතාලියේ සිවිල් ආරක්ෂණ ප්‍රධානි ඇන්ජලෝ බොරෙලි අද පවසා සිටියේ ඉතාලියේ කොරෝනා වෛරසය ආසදනය වු ගණන 283 ක් දක්වා ඉහලට ගොස් ඇති අතර මේ හේතුවෙන් දැනටමත් මරණ 7 ක් සිදුව ඇති  බවය.
මේ ආසාදිතයන්ගෙන් 200 පමණ දෙනා වාර්තා වි ඇත්තේ ඉතාලියේ උතුරු කොටසේ ලොම්බාර්ඩියා ප්‍රදේශයෙනි.ඉතාලියේ වෙසෙන  ශ්‍රිලාංකිකයන්ගෙන් 60% කට වඩා වැඩි පිරිසක් වාසය කරන්නේද මේ ලොම්බාර්ඩි ප්‍රදේශයේය.
ඊයේ පළමු වරට නිවේදනයක් නිකුත් කරමින් ඉතාලියේ තානාපති කාර්යලය කියා සිටියේ කිසිදු ශ්‍රි ලාංකිකයෙකු කොරෝනා වෛරසයේ ගොදුරක් බවට තවම පත්වි නැති බවය.
කෙසේ වෙතත් ලොම්බාර්ඩි ප්‍රදේශයේ සුපිරි වෙළද සැල් වල දැවැන්ත භාණ්ඩ හිඟයක්ද මේ වන විට ඇතිවෙමින් පවතින බැව් එහි සිටින අපගේ ශ්‍රිලාංකික පාඨකයෝ පවසා සිටිති.
මේ වන විට උතුරු ඉතාලියෙන් පිටත වෛරසය ගමන් කරන්නට පටන් ගෙනය . ඒ සිසිලි දුපතේදි අද සොයා ගත්ත ආසාධිතයෙකු හේතුවෙනි. ඇය සංචාරකයෙකු ලෙස උතුරු ඉතාලියේ බෙර්ගමෝ නගරයේ සිට සිසිලි දුපතේ පැලර්මෝ වෙත පැමිණ අයෙකි. දැනට ඇය එහි රෝහලක නේවාසික ප්‍රතිකාර ලබයි.