ඉතාලියේ පාට් ටයිම් ජිවිතයට එහා ලෝකයට පියනගන මීගමුවේ යුවල…

0
173

saki 1saki2saki3saki 4saki 5saki6saki 7saki 8saki 9nade sakiරැකියාවන් බලා ඉතාලි ගොස් සිටින අති බහුතරයක් දෙනා සිය කාලය උපරිමයෙන් යොදා ගනු ලබන්නේ පැය කියක් හෝ වැඩියෙන් වැඩකර වැඩි මුදලක් හම්බකරගැනිමටය.
ඒ හැරෙන්නට යුරෝපයේ නුතන ලෝකයත් සමගින් මුහු වි අළුත් වන්නට ඒ බහුතරයක් දෙනා අකමැතිය.එයිනුත් අළුත් යමක් ඉගෙන ගන්නට කිසිවෙකුත් කැමැති නැතිවා සේය.
එවන් පසුබිමක මීගමුවේ යුවලක් ඔවුන් උගත් ශිල්පය යුරෝපයේ නුතනත්වය කදිමට ගලප්පාගෙන දිගු ගමනක් යන්නට පටන්ගෙන තිබේ.
ඒ ඉතාලියේ බ්‍රෙෂියා නුවර කේන්ද්‍රකොට ගෙන දිවි ගෙන ඔවුන් දෙපල නමින් නන්දෙ සහ ෂඛිලාය.
අති දක්ෂ කේක් නිර්මාණකරණයේ යෙදෙන්නෝ වෙති.
පසුගිය වසර කිපය පුරාවට ජත්‍යන්තර කේක් නිර්මාණ තරගාවලින් ගණනාවකදි සම්මාන ලබා සිටිති.
ඒ සම්මාන ගොන්න අතරට පැමිණ මෑතම සම්මානය වන්නේ එංගලන්තයේ පැවති තරගාවලියේදි ඔවුන් දෙදෙනා විසින්ම ලබාගත් සම්මානයන්ය.
මේ දෙදෙනාගේ කුසලතාවයන් තවත් අය හා බෙදාගන්නට පවත්වාගෙන යනු ලබන කේක් නිර්මාණ පංති හරහා කේක් නිර්මාණකරණ ක්ෂේත්‍රය සදහා සිසුවියන් රැසක් දැනමත් දායද කර තිබේ.
මේ යුවලගේ අත්දැකිම ඉතාලියේ දිවි ගෙවන බහුතරයක් ලංකිකයන්ට හෙට ලෝකයට ගැලපෙන ලෙස හිතන්නට මගපෙන්විමක් කරනු ඇත.