ඉතාලියේ පැවැති පාපන්දු තරගයකින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට.

0
90

images

පසුගිය ජුනි 10 හා 11 යන දිනවලදී ඉතාලියේ මිලාන් නගරයේ පැවැති “US ACLI Football World Cup” තරගයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්  5වන ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත්විය. මෙම තරගය සංවිධානය කරන ලද්දේ ක්‍රීඩා හා විනෝදාත්මක ඉසව් ප්‍රජාවන් අතර ජනප්‍රිය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන  ACLI (US ACLI) නම් පෞද්ගලික ආයකනයක් විසිනි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉතාලියේ මිලානේ,වෙරෝනා,රෝමය,ෆලොරන්ස් හා මොඩානා යන ප්‍රෙද්ශවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් සහභාගී වූ අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කල නිකලස් ඇන්තනී හා මහින්ද ප්‍රනාන්දු යන මහත්වරුන්ද මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරගකිරීම විශේෂත්වයකි.එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද්දේ මැක්සි පෙරේරා මහතායි.

මෙම තරගාවලිය සදහා කණ්ඩායම් 18ක් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම යුක්රේනය,ඉතාලිය,ඊජිප්තු,එරිත්‍රියාව හා එල්සැල්වදෝරය යන කණ්ඩායම පරාජය කල අතර අවසානයේදී මොරොක්කෝ කණ්ඩායම හමුවේ පරාජය විය.