ඉතාලියේ මෙසිනා නගරයේදි මියගියේ යැයි කියන ශ්‍රිලාංකිකයා ගැන තානාපති කාර්යාලය දැනුවත්ද ?

0
221
Health workers of the Genoa White Cross wearing protective health masks and overalls visit patients suspected of having contracted the covid 19 coronavirus in facility tent set up at the Galliera Hospital in Genoa, Italy, 13 March 2020. Tough lockdown measures kicked in throughout Italy on 12 March after Prime Minister Giuseppe Conte announced late on 11 March that all non-essential shops should close as part of the efforts to contain the ongoing pandemic of the COVID-1. ANSA/LUCA ZENNARO

Coronavirus: check point sanitario a pronto soccorso di Bresciaකොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටින අද දිනයේ ලංකාදිප වෙබ් අඩවිය පුවතක් පළකරමින් කියා සිටි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකු බවද වැඩිදුරටත් එහි සදහන්ය.

ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ  පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී බවද එහි සදහන්ය..
එහෙත් ඊයේ දිනයේ ලංකාදිපයට ඉතාලියේ රෝම නගරයේ පිහිටි තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාව සදහන් කර තිබුනේ කිසිදු ශ්‍රිලාංකිකයෙකු කොරෝනා ආසාදිත තත්වයෙන් පසු නොවන බවත් ඇතැම් මාධ්‍ය විසින් වාර්ථා කර ඇති පරිදි එවැනි 8 දෙනෙකු සිටිනවා යැයි සම්පුර්ණ අසත්‍යයක් බවත්ය.
මේ ප්‍රකාශනයන්ගෙන් එකක් පැහැදිලිය. විපතට පත්ව සිටින ශ්‍රිලාංකිකයන් පිළිබදව ප්‍රමාණවත් තොරුතුරු හෝ සම්බන්ධිකරණයක් ඉතාලියේ පිහිටි තානාපති කාර්යාලවලට නොමැති බවත්ය.
මෙසිනා නගරයේ අපගේ වාර්ථා කරුවන් විසින් පවසා සිටින ආකාරයට මියගිය  තැනැත්තා මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙසීනා නගරයේ පිහිටි ‘ ක්‍රිස්ටෝ රේ’ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.
මෙසේ මිය ගිය තැනැත්තා ශ්‍රිලාංකිකයෙකු බව මෙසිනා නගරයේ පළවන පුවත් පතක් විසින් වාර්තා කර තිබුණ බවද අපගේ ආරංචි මාර්ග තවදුරටත් දක්වා සිටි.
පහත පළවන්නේ අප විසින් ඊයේ දිනයේ ලංකාදිප පුවත උපුටා දක්වමින් පළකරන ලද පුවතයි.

බොරු කියන්නේ ඉතාලියේ ශ්‍රිලංකා තානාපති කාර්යාලයද නැතිනම් ඒවා පළකරන මාධ්‍යයද ?