කොරෝනා ආසාදනය විම හේතුවෙන් සිදුව තිබුණ පළමු ශ්රිලාංකිකයාගේ මරණය පසුගියදා වාර්ථා වි තිබුනේ ස්විටර්ලන්තයෙනි.එහෙත් ඊට පෙර පළමු ශ්රිලාංකිකයාගේ මරණය යැයි මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය පවා වාර්ථා කළ සිදුවිමක් විය. ඒ ඉතාලියේ මෙසිනා නගරයේ සිදුව ඇතැයි සදහන් කරන ලද මරණයක් සම්බන්ධයෙනි.
එහෙත් පසුව දැනගන්නට දැන ගන්නට ලැබෙන්නේ එවන් මරණයක් සිදුව නැති බවය.
පහත සටහන ඒ පිළිබද විමර්ශණයකි.
මාර්තු 24 සවස voce di popolo යන මෙස්සීනා නගරය කේන්ද්‍ර කරගත් වෙබ්පුවත් පතක් විසින් මෙස්සීනා නගරයේ කොවිඩ් 19 හේතුවෙන් සිදුවන දෙවන මරණය වාර්ථා කර සිටියා. ඒ අතරම මෙස්සිනා නගරයේ ක්‍රියාත්මක වෙනත් වෙබ් පුවත්පත් කිහිපයක්ම මෙම දෙවන මරණය පිලිබද පුවත් පල කර සිටියා.
voce di popolo යන වෙබ් අඩවියට අනුව 70 වියැති ශ්‍රී ලාංකා ජාතික පිරිමි පුද්ගලයෙකු මියගිය බව සදහන් කර තිබිනී. නමුත් මෙස්සීනා නගරයේ අනෙකුත් වෙබ්පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුනේ මෙම පුවතට පරස්පරවය. එනම් ක්රිස්තුරේ යන රෝහලේම වයස අවු 80 කට වඩා වැඩි පුද්ගලයෙකු ස්වසන අපහසුතා හේතුවෙන් මරණයට පත් වී ඇති බවත් එය covid 19 ආසාදනය හේතුවෙන් සිදුවී ඇති මරණයක් බව සැක කරන බවය.
කෙසේ හෝ 24 දින රාත්‍රිය විට මෙම පුවත මෙස්සීනා නගරයේ ශ්‍රී ලාංකීකයන් අතර සමාජ ජාලා හරහා සංසරණය වූ අතර පසු දින ශ්‍රී ලංකාවේ වෙබ් හා ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය තුලද ප්රාධාන පුවත් වශයෙන් විකාශනය විය. 25 දින උදෑසනම මෙස්සීනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයන්ට මෙම පුවත් ආරංචි වන්නේ තම ලාංකාවේ සිටින හිතවතුන්ගේන් හා ලංකාවේ මධ්‍ය හරහා වීම උමතු කරන්නක් විය. ර
හේතුව 24 දින සවස් භාගය වන තෙක් මෙස්සිනා නගරයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකීකයෙකු කොවිඩ් ආසදානය වී තිබේ යැයි ආරංචී නොවීමත් ඉතාලියේ ප්‍රධාන පුවත් පත් හෝ රූපවාහිනි පුවත් තුලින් වත් විකාශනය නොවීම හේතුවෙනි. කෙසේ හෝ 25 උදෑසන කලබල වූ මෙස්සීනා හී වෙසෙන ලාංකීකයන් දස අතේ කෝල් කරමින් අසන්නට ඇත්තේ මෙම මරණය වූ පුද්ගලයා කවුද යන්නයි..
..පසුව බොහෝමයක් එය ඉල්ලා අස් කරගත්තේ කෙනෙක් කී පලියට පොස්ටු දමමින් ශේයාර් කරමින් ගෙන ගිය ප්‍රචාරනයයි .
සිදුවීම බොරුවක් යැයි කියමින් සමහරු කීවත් covid 19 ආසධනයේන් හෝ වෙන යම් සිදුවීමකින් ශ්‍රී ලාංකීකයෙකු මිය ගියේද ? කවුද? මෙම ශ්‍රී ලාංකීකයා යන ප්රශ්නය ඉතාලියෙ මෙන්ම ශ්‍රී ලංකාවේද වෙසෙන අයටද මෙය ප්‍රශ්නාර්තයක් විය. ලාංකීකයන් වෙනුවෙන් වගකියන තානාපතී කාර්යාලය පවා මෙම සිදුවීම ප්‍රතික්ශේප කලේය. පසුව එදිනමvoce di popolo යන වෙබ් අඩවියද එම පුවත් නැවත් සංස්කරනය කර තිබූ අතර එහි කියවුනේ වයස 81 අයෙකු කොරෝනා හේතුවෙන් මිය ගිය බවයි.
ජාතිකත්වය පිලිබන්දව සටහන් වී නොතිබිනි.
ඇත්තටම මරණයක් සිදු වුනාද ශ්‍රී ලාංකීකයෙකු මරණයට පත් වුනාද ?කොරෝනා නිසාද? නැත්නම් වෙන හේතුවක් නිසාද? කෙසේ හෝ මේ වන විට සියලු දෙනා නිහඩය.මෙම සියල්ලන්ටම හේතූ කිහිපයක් ඇත.
1. කට කතා හා සත්‍ය පුවත් නිවැරදිව හදුනා ගැනීම හා තහවුරු කර ගැනීමට නොහැකිවීම.
2. ඉතාලිය පුරා විහිදී සිටින ශ්‍රී ලාංකීකයන් වෙනුවෙන් වගකීමට තනාපති කාර්යාලයට නොහැකි වීම.
3. සිසිලිය දකුනු ඉතාලියේ දූපත්ක් වන අතර එහි වෙසෙන ශ්‍රී ලාංකීකයන් හා තානාපති කාර්යාලය සම්බන්දතාවය අවම මට්ටමක පැවතීම.
4. වගකිවයුතු මාධ්‍යයන් විදියට ශ්‍රී ලාංකීකයන් හට පුවත් සැපයීමේදී අවම වශයෙන් වගකිවයුතු ආයතනගෙන්වත් තහවුරු කර නොගැනීම නිසා ආසත්‍ය තොරතුරු පැතිර වීම.
. ඉතාලියේන් ලංකාවට ගිය පිරිසකට කොවිඩ් ආසාධනය වීමත් , මේ වන තෙක් ඉතාලියේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකීකයෙකුට කොවිඩ් ආසාධනය නොවී තිබීමද සැක සහිතය. මාර්තු 13 දින සිසිලියෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ මගීන්ට කතානියා ගුවන් තොටුපලෙන් පිටත් වීමට අවසර නොලැබීමත් එදිනම රෝමයේන් ලංකාව බලා පිටත් වූ මගීන්ට ලංකව බලා යෑමට හැකිවීමත් පුදුම සහගතය.මෙයින් පැහැදිලි වන්නේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය වගකීම් විරහිතව කටයුතු කරන ආකාරයයි .
පවතින තත්වය යටතේ සිදුවන මරණ ජාතිකත්වය මුල් කරගෙන වෙන් කර ගැනීමට හා ප්‍රකාශ කිරීමට නොහැකියාවක් පැවතීමට හැක.ැ
මෙවැනි ව්‍යසනයකදී සමාජ මාධ්‍ය හැසිරවීමේදි වෙනදාටත් වඩා බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්ය. ඒ වගේම තොරතුරක් එක් අවස්ථාවකදී දැක පමනින් නොව එය තහවුරු කර ගැනීමට වගකිවයුතු මුලාශ්‍රද සොයා ගැනීම වැදගත් වේ. එවිට අසත්‍ය ප්‍රචාරනය අවම කර ගත හැක. මෙම අවස්ථාවේ වැදගත් කියන ප්‍රධාන මාධ්‍ය ද විස්වාස කිරීමට අපහසු තත්වයක පවතී.
එම නිසා බෙදා හරින තොරතුරු පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කිරීම නුවනට හුරුවේ
ඩිල්ෂාන් තිසේරා -මෙසිනා ඉතාලිය