ඉතාලියේ ලොම්බාර්ඩි කලාපය දින 15 කට මුළුමනින්ම වසා දැමිමට රජයේ අවධානය ?

0
94
coronavirus-ansa paolo salmoirago-2පාලනය කරගැනීමට තිබූ තත්වයක් සැහැල්ලුවට ගැනීම තුලින් මේ වන විට ඉතාලියේ කොරෝනා වෛරසය පාලන කරගැනීමට නොහාකී තත්වයකට පත්ව තිබේ.නිය්පොත්තෙන් කඩන්න තිබු දෙයක් පොරවෙන් කැපීනට දැන් ඉතාලි රජයට සිදුව තිබේ.
තවමත් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා මට්ටමේ පැවතීම මෙම තත්වය තවත් උග්‍ර වීමට ඉඩ වැඩිය.මේ වන විට සමස්ත ඉතාලියම අවධානම් කලාප ලෙස නම් කර තිබුනත් ගතයුතුව තිබෙන තීරණ තවමත් ගැනීමට ඉතාලි රජය අපොහොසත් වී තිබේ.
අද දින මිලානෝ ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර තිබෙන්නේ මේ වන විට වැඩි අවදානම් කලාපයක් ලෙස දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ලොම්බර්දියා කලාපයේ සියළු සාප්පු,කාර්යාල, පොදු ප්‍රවාහන සේවා නතර කිරීමට බලධාරීන් සාකච්ඡා කර සිටින බවයි.
එය සැබැවින්ම ඇදිරි නිතිය පැනව්වා වැනි තත්වයකි.

මෙම තීරණය සාකච්ඡා කර කර සිටීමට වඩා වැදගත් වන්නේ අඩුම වශයෙන් දින 15 ට හෝ වසා දැමීමයි. එසේ නොමැතිව මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට රජයට හැකි වන්නේද නැත.

ප්‍රමාද වී හෝ ඉතාලි රජය මෙම තීරණය ගත යුතුව තිබේ.ඉන් පසු නිරෝධායන කටයුතු කඩිනම් කිරිමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කල යුතුය. කීනයෙ සිදුවන ව්‍යසනයට පසු යුරෝපයේ ඉතාලියට මෙම තත්වය ඊළඟට උදා වේ යැයි බොහො දෙනා කතා කලත් ඉතාලි රජයේ පෙර සුදානමක් නොමැති කම හේතුවෙන් තත්වය බරපතල වී තිබේ.

ලක්දේස් විජේසිංහ- මොන්සා- මිලානෝ