ඉතාලියේ ශ්‍රී ලාංකිකයෙක් මිය ගිය කතාව තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි

0
100
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියෙක් කොරෝනා වෛරසයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව ප්‍රතික්ෂේප කරන බව ඉතාලියේ රෝම තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පවසන බව දිණමිණ වෙබ් අඩවිය සදහන් කර තිබේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවදුරටත් තානාපති කාර්යාලය තොරතුරු විමර්ෂණය කරමින් සිටින බවද වැඩිදුරටත් එහි සදහන්ය.
මේ අතර වෛරසය ආසාදනය වූ බවට සැකපිට සිටින ශ්‍රී ලාංකිකයින් 07දෙනෙකු මේවන විට එරට නිරෝධායන මධ්‍යස්ථාන තුළ එම ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද ඒ මහතා කියා ඇත.
කෙසේ වෙතත් අද සමාජ මාධ්‍ය පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක්ද ඉතාලියේ මෙසිනා නගරයේ ශ්‍රිලාංකිකයෙකු කොරෝනා ආසාදනය විමෙන් මිය ගොස් ඇති බවට  පුවත් පළකර තිබුණි.
මේ පිළිබදව මෙසිනා නගරයේ අපගේ ආරංචි  මාර්ග සදහන් කර සිටියේ මෙම තහවුරු නොකළ පුවතට පදනම්වන්නට ඇතැයි සැක කරන්නේ මෙසිනා නගරය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක  ඉතාලි වෙබ් අඩවියක් විසින් මේ බව සදහන් කර තිබිම බවයි. එහෙත් ඒ වෙබ් අඩවියද මේ වන විට ඒ පුවත ඉවත් කරගෙන ඇතැයිද මේ වන විට වැඩිදුරටත් වාර්තාවේ.
මෙහිදි පුදුම දනවන කරුණ වන්නේ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අද මේ මරණය ගැන පුවත් පළකර තිබුනේ ඉතාලියේ පිහිටි ශ්‍රිලංකා තානාපති කාර්යාලයද උපුටා දක්වමිනි.
තමන්ට සියයට සියයක් තහවුරු නොකළ පුවත් පදනම් කරමින් මේ ආකාරයෙන් මාධ්‍යකරණයේ යෙදෙන විට සිදුවිය හැකි බරපතල තත්වයට අද මේ සිදුවිමද ඉතා කදිම නිදසුනකි.මුලාශ්‍රය- දිණමිණ