ඉතාලියේ සිසිලි දුපතේ සුඛෝපභෝගී යාත්‍රාවක ගිලී ගිය මගීන් අතර ශ්‍රී ලාංකිකයෙකුත් ?

0
141

සඳුදා අලුයම සිසිලි වෙරළට ඔබ්බෙන් වූ සුඛෝපභෝගී යාත්‍රාවක ගිලී ගිය මගීන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය ධජයක් ලෙළදෙමින් තිබූ මීටර් 56 (අඩි 183) යාත්‍රාව දරුණු කුණාටුවකට මුහුණ දුන් අතර එය ඛේදජනක ලෙස ගිලී ගියේය. ඉතාලි හදිසි සේවා මගින් එක් මරණයක් තහවුරු කර ඇති අතර පුද්ගලයින් 6 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා විය.

*Bayesian* ලෙස නම් කර ඇති මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සහ මගීන් 12 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 22 දෙනෙකු සිට ඇත. මගීන් අතර එක්සත් රාජධානිය, නවසීලන්තය, ශ්‍රී ලංකාව, අයර්ලන්තය, කැනඩාව සහ එක්සත් ජනපදය යන රටවල පුරවැසියන් විය. බ්‍රිතාන්‍ය-ප්‍රංශ ද්විත්ව ජාතිකයින් දෙදෙනෙකු ද යාත්‍රාවේ සිටි බව වාර්තා විය.

ආරක්ෂිත පියවරක් ලෙස වහා රෝහලකට ප්‍රවාහනය කරන ලද වසරක් වයසැති බ්‍රිතාන්‍ය දැරියක් ඇතුළු 15 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් විය. ඇය ස්ථාවර තත්ත්වයේ පසුවන බව පැවසේ. බේරාගත් පුද්ගලයින්ගෙන් 8 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත

මෙම සිදුවීම සිදුවූයේ හදිසි සහ ප්‍රචණ්ඩකාරී කුණාටුවක් ඇතිවිම හේතුවෙන් මතුව තිබුණ  තත්වයකි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here