ඉතාලියේ සිසිලු දූපතත් කොරෝනා ග්‍රහණයට නතුවෙයි ?

0
73
89819159_1072675753099176_7096111611735179264_nලොව පුරා සීඝ්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය ඉතාලියට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතී.
උතුරු ඉතාලියට සාපේක්ශව අවධානම් තත්ත්වය අවමව පැවති දකුනු ඉතාලිය හා සිසිලි දූපතද මේ වන විට කොරෝනා ග්‍රහනයට නතුවී තිබේ.
මේ වන විට ආසාදිතයින් 115 හදුනාගෙන තිබෙන අතර පැය විසි හතරක් ඇතුලත දෙවන මරණයත් වාර්තා වුනා.
පසුගිය දිනට සාපේක්ශව යේ  දහවල් වන විට රෝගීන් 32 කුගේ වැඩි වීමක් දක්නට ලැබුනී.
රෝගීන් 09 දෙනෙකු පැලැර්මෝ නගරයෙන්ද ,රෝගීන්13 ක් කතානියා නගරයෙන් , රෝගින් 4 ක් මෙසීනා නගරයෙන්ද රෝගීන් 03 අග්‍රිජෙන්තෝ නගරයෙන් , රෝගීන් 02 ත්‍රාපනී නගරයෙන් ද එන්නා නාගරයෙන්ද එක් රෝගියෙක් වාර්තා වෙනවා.. පසුගිය දින රාත්‍රීයේ පැනවූ නව නීතියත් සමගම සිසිලියේ නගර වලද පාලු ස්භාවයක් දක්නට ලැබුනී.89700431_529298187979242_8284134419468386304_n
සිසිලි දූපතේ ප්‍රධාන නගර තුන අතර රෝහල් ප්‍රමානයක් තිබුනත් දැඩි සත්කාර ඒකක වල ඇදන් 70ක් පමනක් වීම හා මෙස්සීනා නගරයේ එයින් 10 ක් වැනි සුලු ප්‍රමානයක් වීම හේතුකොට ගෙන හෙට සිට මුලු නගරයම වසා දැමීමට එහි නගරාධීපති ඩී ලුකා තීරනය කෙරුනා. ඊට පැය දෙකකට පසු ඉතාලි අගමැති මුලු ඉතාලියේම ෆාමසී හා සුපර්මාර්කට් හැර සියලූ ව්‍යාපාරීක ස්ථාන වසා දැමීමට තීරණය කලා . නගරයකින් තවත් නගරයකට මාරූවවීමට රජය විසින් නිකුත් කල අවසර පත්‍රය තිබිය යුතුය. රැකියා අවස්ථා හා නිවසින් පිට වෙන හේතුව එහි සදහන් කල යුතුය.
සටහන-ඩිල්ෂාන් තිසේරා -මෙසිනා ඉතාලිය