ඉතාලි රජය තනි නොකර චීනය සහයට.!

0
174

Screenshot_20200313_131920ඊයේ රාත්‍රි 10.50 රෝමයට ළඟා වූ කොරෝනා වෛරසය පිළිබඳව විශේෂඥ දැනුම ඇති විශේෂඥයන් 09 දෙනෙකුගෙන් සමන්විත චීන රතුකුරුස සේවාවට අයත් පිරිස ඔවුන්ගේ උපදෙස් සහ සහය ලබා දීමට පැමිණ තිබේ.

චීන රජය විසින් ඉතාලි රජයට කෘතිම ස්වසන යන්ත්‍ර 1000ක් මුඛ ආවරණ ලක්ෂ 20ක් සහ තවත් බොහෝ දේ ලබා දීමට ඉදිරිපත් විය. එපමනක් නොව චීන රජය ප්‍රකාශ කලේ ඉතාලිය තනි වෙලා නෑ අපි ඉතාලිය සමග බවයි. ඒ වචනය ඉටු කරමින් මේ පිරිස ඊයේ රාත්‍රියේ ඉතාලියට පැමිණ තිබේ.

චීනය මේ වන විට මුලුමනින්ම කොරෝනා වෛරසය චීනය තුල පාලනය කිරිම සිදු කර ඇති අතර ඊයේ දිනයේ සිට වසා දමා තිබු බැංකු සහ තවත් අත්‍යවශ්‍ය සේවා නැවත ආරම්භ කල බවත් ඉදිරු දින කිහිපය වන විට වසා දමා තිබෙන පාසල් සියල්ල යළි විවෘත්ත කිරිමට සියල්ල චීන රජය සුදානම්වන බව එරටින් වාර්තා විය.

එසේ නම් ඉතාලි රජයට පාලනය කර ගත නොහැකි මෙම කොරෝනා වෛරසය චීනයේ මැදිහත් විම සහ සහය මත මුලුමනින්ම ඉතාලියෙන්ම අතුගා දැමීමට හකි වන බවට විශ්වාස තැබිය හැකිය.

ලක්දේස් විජේසිංහ -මිලානෝ