ඉතිහාසයේ වැඩිම මාළු මිළ අද මිගමුවෙන් වාර්තා වේ !

0
377
dav
dav

මීගමුව මාළු ලෙල්ලමේ ධිවර ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ ලංකා ඉතිහාසයේ වැඩිම මාළු මිළ අද මිගමුවෙන් වාර්තා වි ඇති බවය.
ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ සිංහල දෙමළ අළුත් අවුරුද්ද පාස්කු ඉරුදිනට පසුව යෙද තිබිම නිසා මිගමුව මාළු රැගෙන එන සියලු ප්‍රදේශවල සිටින සංක්‍රමණික ධිවරයන් මිගමුවේ සිය ගම් බිම් බලා පාස්කුවට පැමිණ තිබිම මෙන්ම මුහුදුට ගොස් සිටි බහුදින ධිවර යාත්‍රා බොහොමයක්ද පාස්කුව වෙනුවෙන් ගොඩබිමට පැමිණ තිබිමත් නිසා මේ අවුරුදු සමයේ මාළු සැපයුම බෙහෙවින් අඩුවි ඇති බවය.
එමෙන්ම තොගයට මාළු ගන්නා අයට අමතරව සිල්ලර ලෙස නිවෙස්වල මාළු පාරිභෝජනය සදහා මාළු මිලට ගැනිම පැමිණ සිටින අයගෙන් අද ලෙල්ලම් පිරිගොස් තිබුණද අවශ්‍ය මාළු සැපයුම මදි කම නිසා ඉතිහාසයේ වැඩිම මාළු මිළ අද මිගමුවේන් වාර්තා වි ඇති බවය.
කෙලවල්ලා කිලෝවක් රු 900 යි
බලයා කිලෝවක් රු 700 යි
හුරුල්ලා කිලෝවක් රු 600 යි
කුම්බලා කිලෝවක් රු 700 යි
ඉස්සා ල (ලොකු) කිලෝවක් රු 1300 යි
ඉස්සා ( පොඩි ) කිලෝවක් රු 800 යි
තලපත් කිලෝවක් රු 1000 යි
කොප්පරු කිලෝවක් රු 1100 යි
මිමැටි කිලෝවක් රු 900 යි
තෝරු කිලෝවක් ( පොඩි) රු 1500 යි
තෝරු කිලෝවක් ( ලොකු ) රු 1800 යි
ලින්නා කිලෝවක් රු 530 යි
සාලයා කිලෝවක් රු 300 යි
මඩු කිලෝවක් රු 450 යි
ඇටවල්ලා කිලෝවක් රු 520 යි
දැල්ලා කිලෝවක් ( ගෙඹි ) රු 850 යි
දැල්ලා (බෝතල් ) කිලෝවක් රු 1100 යි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here