ඉතිහාසය තුල සිදුවූ එකම මිනිස් ඝාතනය පාස්කු බෝම්බ ප්‍රහාරය නොවේ ! ඉද්දමල්ගොඩ පියතුමා

0
360
චැනල් 4 රූපවාහිනී ආයතනය මගින් ප්රචාරය කරණ ලද විඩියෝව නිසා පාස්කු ඉරිදා ප්රහාරයේ බිහිසුණු මතකයන් නැවත අප තුල අලුත් කරණු ලබයි.
පාස්කු ප්රහාරය පිලිබදව කොලඹ අගරදගුරු තුමා විසින් ජාත්යන්තර පරීක්ෂණයක් ගැන කර ඇති යෝජනාවට ද රනිල් රාජපක්ෂ ආන්ඩුව හැර අන් බොහෝ දෙනෙක් එකග වනු ඇත. එවැනි පරීක්ෂණයක් සිදුවිය යුතුමය.
එසේ වූවද නැවත වරක් කිව යුතු දෙයක් ඇත.
අප රටේ ඉතිහාසය තුල සිදුවූ එකම මිනිස් ඝාතනය පාස්කු බෝම්බ ප්රහාරය නොවේ. කීර්තිමත් ජනමාධ්ය කරුවන් ගණනාවක්, උතුර, නැගෙනහිර, දකුණේ දහස් ගණනක් සාමාන්ය ජනතාව ඝාතනයට ලක්වී ඇති බව නොරහසකි. එසේ බලනවිට අපව පාලනය වී ඇත්තේ ම්ලේච් සංස්කෘතියක් ඇති ඝාතකයන් පිරිසක් විසිනි.
මේ සත්ය බොහෝවිට සැගවී පවතී. මැතිවරණයකදී නැවතත් මෙම ජන ඝාතකයන් ජනතාව විසින්ම බලයට පත්කිරීමේ අණතුර අප රට තුල තිබේ.
එය වැලැක්වීම පුරවැසියාගේ වගකීමකි.
එබැවින් පාස්කු ඉරිදා ප්රහාරය මෙන්ම මෑත ඉතිහාසය තුල මෙරට තුල සිදුවී ඇති මේ සියලු ඝාතනයන් සහ අතුරුදහන්වීම් ගැන ජාත්යන්තර සහ ස්වාධීන පරීක්ෂණයක් අවශ්ය බව නැවත සදහන් කරන්නට කැමැත්තෙමි. ජනතාවට යුක්තිය ඉටුවන්නේ එවිටය. ඒ ගැන ජන මතයක් රට තුල ගොඩ නැගීමට සංවාදයක් ඇති විය යුතුය.
( ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස් පිටුවෙනි )