ඉද්දමල්ගොඩ පියතුමා මතුකරන අභියෝගය භාර ගන්න ජාතික ජන බලවේගය සුදානම්ද?

0
311

ත්‍රස්ත පණත, දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ,බෞද්ධාගමිකරණය ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන උතුරේ සහ නැ⁣ගෙනහිර හෙට හර්තාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

දකුණේ මේ දිනවල ප්‍රතිත්‍රස්ත පණතට එරෙහිව තරඟයට මෙන්ම ⁣විවිධ දේශපාලන කණ්ඩායම් සහ ඒවා වටා ගොනුවි සිටින සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරින් පාරට බැස ඇත.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්ණය ගැන දකු⁣නේ මේ බොහෝ කණ්ඩායම් අරගල පටන්ගත්තේ වසන්තලා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් පසුවය.

ත්‍රස්ත පණත යටතේ දශක ගාණනක් සිරගත කොට සිටින දමිළ දේශපාලන සිරකරුවන් ගැන පෙරටුගාමින්ට මෙන්ම ජාතික ජන බලවේගයටද නිනව් තිබුනේ නැත.

වරක් විදර්ශණ කන්නන්ගර වඩාත් නිවරදිව ප්‍රශ්ණ කොට තිබුන පරිද්දෙන් වසන්තලාව නිදහස් වු පසු දේශපාලන සිරකරුවන් ගේ අරගලය අතර මඟ නැවති ඇති සෙයකි.

බලය ලබාගැනිම වෙනුවෙන් රාජපක්ෂලා සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතනය සැබැවින්ම පිළිකුල්ය.හෘදසාක්ෂියක් ඇති සෑම අයෙකුම ඊට කොන්දේසි විරහිතව සටන් කළ යුතුව ඇත්තේ එම ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ඒමටය.

එය බලය ලබාගැනිම සඳහා කළ ඝාතනයක් ලෙස මුලදි කාර්දිනල් තුමා පවා පිළිගත්තේද යන්න ගැටළුවකි.

රාජපක්ෂලගේ ජඩකම් තේරුම් ගැනිමට කාල්දිනල් හිමියන් පමා වුවා සේය.

උතුරේ සහ නැගෙනහිර ජනයා දහස් ගණනින් ඝාතනය කරමින් සාගතයේ තබමින් ක්‍රියාකළ ම්ලේච්ඡ යුද වියරුව හමුවෙි කාර්දිනල් හිමියන් ඇතුළු දකු⁣⁣ණේ නිල කතෝලික සභාව සැබැවින්ම සිය සැබෑ කිතුණු කමට සාක්ෂි දැරු බවක් පෙනුනෙි නැත.

272 ගේ ජිවිත අහිමි කළ පාස්කු ප්‍රහාරයට එරෙහි අරගලය පදනම් විය යුත්තේ බලය වෙනුවෙන් සිදුකරන ලද සියලු ඝාතනයන්ටද එකහෙළාම එරෙහි වනවා යන පදනමෙනි.

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන් විසින් මේ දිනවල මතුකරමින් සිටින මිනිස්කමේ පදනම මෙන්ම සැබෑ කිතුණු කමේද පදනම වන්නේ එයයි.

බලය වෙනුවෙන් උතුරේ හෝ දකුණේ සිදුකරන ලද ඝාතන ගැන සැබෑ ලෙසින් ම එරෙහි නොවන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?

අයුක්තියට එරෙහිව කටයුතු කිරිම සැබෑ කිතුණුකම යැයි කාර්දිනල් හිමියන් විසින් පසුගිය දිනක කතෝලික පියතුමන්ලා ඉදිරියේ ප්‍රකාශ කොට තිබුණි.

පාස්කු ප්‍රහාරයට වසර 4ක් පිරිම නිමිති කොට ගෙන ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුන පෙළපාලියට එක්වෙමින් ගරු ඉද්දමල්ගොඩ පියතුමන් විසින් බලය වෙනුවෙන් සිදුකරන ලද සියලු ඝාතනවලට එරෙහිවිමේ අභියෝගය ජාතික ජන බලවේගයටද ඇති බව ප්‍රකාශ කර තිබුණි.

මෙම අභියෝගයට ප්‍රතිචාර දක්වන ආකාරය දෙස උතුරු නැගෙනහිර පමණක් නොව දකුණේද ප්‍රගතිශිලින් බලා සිටි.

පෙරටුගාමින්ට මෙන්ම ජාතික ජන බලවේගයටද ආදාලව හෙට දවසේ ලිට්මස් ටෙස්ට් එක යනු ඉද්දමල්ගොඩ පියතුමා මතුකර සිටින අභියෝගයයි.

එය කාර්දිනල් හිමියන් ඇතුළු දකුණේ නිල කතෝලික සභාවේද ලිට්මස් ටෙස්ට් එක වනු ඇත.