ඉන්දියානු ආහාර ,දිව පිනවන රසයකින් , හිත පිනවන සුවඳකින් FoodNews වෙතින්

0
368

ඔබේ පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් හිතවතුන් පිරිසක් එක්ක සතුටු සාමිචියේ යෙදෙමින් නිදහසේ ඔබ මෙතෙක් රස නොවිඳි, රසවත් ඉන්දියානු ආහාර වේලක රස බලන්න යන්න පුළුවන් අලුත් තැනක් ගැන කියන්නයි මේ සටහන තැබෙන්නේ. ඉතින් අපි කලිනුත් කිව්ව වගේ  එළිමහන් සහ ගෘහස්ථ පරිශ්‍රයන් වල සම්මිශ්‍රණයක් සහිතව ඉතාම දැකුම්කලුව නිර්මාණශීලී පරිසරයක් සහිත මෙම ස්ථානය පිහිටලා තිබෙන්නේ මීගමුව පෙරියමුල්ල,ඩිපෝ හන්දියේ. එහි නම “ෆුඩ් නිවුස්” (Food News ). අලුත්ම අලුත් නවමු සංකල්පනා රැසක් සමගින් මීගමුව නගරයේ හෝ මීගමුව නගරයට තදාසන්නව හෝ වෙනත් තැනක දක්නට නොලැබෙන ආකාරයෙන් ඉතාම සිත්ගන්නා ලෙස මනස්කාන්ත අයුරින් මෙම ස්ථානය නිර්මාණය කර තිබෙනවා . ඒ වගේම මෙම ස්ථානයේ විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් මීගමුව නගරයේ පමණක්ම නෙවෙයි ඊට ආසන්නව හෝ තිබෙන හෝටල්වල ආපනශාලාවල එහෙම නැත්නම් රෙස්ටුරන්ට්න්ට් වල දක්නට  නොලැබෙන ආහාරපාන රැසක් විශේෂයෙන්ම නියම ඉන්දියානු වට්ටෝරු වලට අනුකූලව පිළියෙල කළ ඉන්දියානු ආහාර පාන රැසක් ම මේ විශේෂිත ස්ථානයේ දී  රස විඳීමට හැකි වීමයිග

චීස් කොත්තු

ඒ වගේම මෙහි තියෙන කොත්තු රොටී , චිකන්, බීෆ්, ප්‍රෝක්ස් සහ මික්ස් යන ආකාරයෙන්ගෙන් සහ වෙනමම රසයන්ගෙන් ඉන්දියානු ආහාර වට්ටෝරුවලට අනුව පිළියෙල කර තියෙනවා .කොත්තු රෝටි ගැන කතා කරද්දි චීස් කොත්තු කන්න අපි කවුරුත් ආසයි නේ. විශේෂයෙන්ම අපේ කුඩා දරුවෝ චීස් කොත්තු කන්න හරි කැමතියි. ඉතින් මීගමුවේදී රසම රස චීස් කොත්තුවක් කන්න නම් යන්න වෙන්නේ ෆුඩ් නිවුස් එකටම තමයි.චීස් කොත්තු වෙන තැන් වලට මිළෙනුත් අඩුයි

කල්බ් සැන්විච්

ඒවාගේම ක්ලබ් සැන්වච්, බර්ගර් සහ සබ්මැරීන් වර්ග කිහිපයක්ම චිකන් ,බීෆ් ෆ්‍රෝන්ස් සහ මික්ස් ලෙස විශේෂිත ආහාර වට්ටෝරුවලට අනුව මෙහිදී පිළියෙල කරනවා.හැබැයි මේ හැම දේකම විශේෂත්වය වෙන්නේ මේ හැම දෙයක්ම එයාලා හදන්නේ,ෆුඩ් නිවුස් වලට පමනක් විශේෂිත වුනු ආහාර වට්ටොරු වලට අනුවයි.

මන්ඩි බිරියානි

මේ ස්ථානයට එන බොහෝ දෙනෙක් වැඩිපුරම රස විදින්න කැමති දෙයක් තමයි ෆුඩ් නිව්ස් එකටම ආවේණික වුනු “මන්ඩි බිරියානි” බොහෝ විට අපි වෙනත් තැන්වලින් රස විඳින බිරියානි හැමතැනම වගේ එකම රසයක් තමයි තියෙන්නේ .ඒත් මේ මින්ඩි බිරියානි අරාබි ආහාර වටෝරුවකුට අනුව තමයි ඔවුන්  පිළියෙල කරන්නේ.නමුත් ෆුඩ් නිවුස් එක මීගමුවේ ඉන්න බොහෝ දෙනෙකුගේ රුචිකත්වය අනුව මණ්ඩි බිරියානි වලට එක් කරන්නේ බොයිල්ඩ් ,රෝස්ට් චිකන් වෙනුවට, ප්‍රයිඩ් චිකන් – ප්‍රයිඩ් චිකන් වලට අමතරව බැඳපු බිත්තර, චිකන් කරි, චිලි පේස්ට්,සහ ළුුණු , තක්කාලි ඇතුළුව පිළියෙල වන රයිටා සැම්බල් ද අඩංගු වන මේ මන්ඩි බිරියානි සමග ලබාදෙනවා.

කිලි පරාටා

මෙතන තියෙන විශේෂතම ආහාරයක් තමයි ” කිලි පරාටා ” . අපි සාමාන්‍යයෙන් වෙනත් තැනකින් රස විඳින පරාටා රොටි වලට වඩා වෙනස් විදිහකට පිළියෙල කරලා ඒ සමග කරි වර්ග ඇතුළු වෙනත් අංග කිහිපයක් එක්ක තමයි මේ කිලි පරාටා පිළිගන්වන්නේ. මේ කිලි පරාටා , මේ විදිහට රස විඳින්න පුළුවන් වෙන්නේ ෆුඩ් නිවුස් එකෙන් පමනයි.එළඟිතෙල් යොදා පිළියෙල කරන ලද පරාටා රොටී වලට.චිකන් කරි, චිකන් සාලනා, චිකන් චුක්කා, මිශ්‍ර කර සකසා චිකන් සික්ස්ටි ෆයිව් (  දකුණු ඉන්දියානු ක්‍රමයට ගැඹුරු තෙලේ බැඳ ගන්නා කුකුල් මස්), එක්කර ඊට මිරිස් ,ළුණු,තක්කාලි එක්කර සකස් කරගන්නා සම්බෝලයක් ද අඩංගු කර, සියලු දේ කෙසෙල් කොලයක අසුරා උදුනක රත් වෙන්නට තබා මෙම කිලි පරාටා පිළිගන්වයි. මෙලෙස කිලි පරාටා පිළිගැන්වීම දැකගත හැකි වන්නේ ෆුඩ් නිවුස් තුල පමනි.එමෙන්ම මේ නවමු කිරි පරාටා රසයද විඳගත හැක්කේ ෆුඩ් නිවුස් වලම පමණයි.

මොක්ටේල්
මධ්‍යසාර වලින් තොර පළතුරු යුෂ ඇතුළු වලින් සාදනු ලබන පානයන්) වර්ග කිහිපයක් ද මේ වනවිට ඔවුන් හඳුන්වා දී තිබෙනවා.වෙනත් ස්ථාන සමඟ සසදන කළ මෙම මොක්ටේල් වල මිලෙහි සාධාරණ වෙනසක් කර තිබේ. එබැවින් ඔබට ඔබේ කෑම වේලට මොක්ටේල් පානයක් එක්කර ගැනිමට දෙපාරක් සිතන්නට වන්නේ නැහැ.
*ෆෘට් කරන්ට්
*ගැලැක්සි සින්ඩරෙල්ලා
*බ්ලු ලැගූන්
ආදී මධ්‍යසාර නොයොදා, නියම පලතුරු යුෂ පමනක් භාවිතා කර පිළියෙල කරන මොක්ටේල් පානයන් හී රස බැලිය හැකි වන්නේ ෆුඩ් නිවුස් වෙතින් පමනි.

අයිස් මයිලෝ

එලෙසම මෙයට අමතරව අයිස් ක්‍රීම් සහ මයිලෝ භාවිතා කරමින් සකස් කරන අයිස් මයිලෝ පානයද මෙම ස්ථානයේදී පමණක් රස විදිය හැකි පානයක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරන ලද විශේෂිත කුළු බඩු යොදා පිළියෙල කර දෙන මසාලා තේ පානයද ෆුඩ් නිවුස් හිදී රස බැලය හැකිය.
මෙලෙස ප්‍රණීත සහ නවමු මේ ස්ථානයට පමණක් ආවේනික රසයන්ගෙන් යුත් දිව පිනවන රසම රස ආහාර වට්ටෝරු ගණනාවකින් සමන්විත ආහාර පාන රාශියකින්ද එලෙසම මනස්කාන්ත ආකර්ෂණීය සිත්ගන්නා සුළු පරිසරයක් සහිත මේ අවන්හල මෙහෙයවන්නා හෙවත් මෙහි ප්‍රමුඛයා අප මුණ ගැසුනෙමු.

Food News කළමනාකරු


ඔහු නමින් සාජී. සාජී අවුරුදු 26ක තරුණයෙක් සාජී කියන විදිහට මීගමු නගරයේ සහ ඊට ආසන්නව කොහෙවත් නැති විදිහට ඇතුලත සහ එළිමහන සහිත ස්ථානයක් නිර්මාණය කිරීම ඔහුගේ මූලික අරමුණ වෙලා තියෙනවා.ඒ සදහා සාජීගේ ඉතාලියේ රැකියාව කරන වැඩිමහල්ම සහෝදරයා ඒ සඳහා මුදල් යොදවලා තියෙනවා.ඊළඟට මේ ස්ථානයේ දළ සැලැස්ම නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රකට හා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන සාජිගේ දෙවෙනි වැඩිමහල් සහෝදරයා, එලෙසම විදුලි බුබුළු ආලෝක රටාවලින් සැරසීම සඳහා ආකර්ශනීය සැලැස්මක් නිර්මාණය කරලා දීලා තියෙන්නේ විදුලි කාර්මික අධීක්ෂකවරයෙක් වන සාජිගේ තෙවන වැඩිමහල් සහෝදරයා. ඒ වගේම මේ නවමු ස්ථානයේ රස නහර පිනා යන විශේෂයෙන්ම ඉන්දියානු ආහාර වට්ටෝරු පිළිබඳව අදහස සාජි ට දීලා තියෙන්නේ දැනටත් මේ ස්ථානයේ ප්‍රධාන ෂෙප් විදියට වැඩ කරන අවුරුදු 26ක් පමණ අත්දැකීම් සහ පලපුරුද්දක් තියෙන ලංකාවේ අති දක්ෂ ෂෙප් කෙනෙක් වෙන සාජිගේ මිත්‍රයෙක්. මෙන්න මේ සියලු දෙනාගේම අදහස් උදහස් අනුව තමයි රස නහර පිනා යන මෙතෙක් නොවිඳි රසයක් සහිත ඉන්දියානු ආහාර පාන වලින් සමන්විත මේ වගේ ලස්සන ආකර්ෂණය තැනක් නිර්මාණය වෙලා තියෙන්නේ. දහවල් 12 සිට රාත්‍රී 12 දක්වා සෑම දිනකම විවෘතව තැබෙන මෙම ස්ථානය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පමණක් දහවල් 12 සිට අලුයම 02 දක්වා විවෘතව පවතී. සාජී කියන විදිහට මෙම ස්ථානයෙන් ආහාරපාන ඇනවුම් කරලා රැගෙන යන්නත් පුළුවන්.එහෙම නැත්නම් මෙම ස්ථානයේ සිට කොච්චිකඩේ, පළාගතුරේ ප්‍රදේශවලට එලෙසම කටුනායක කුරුණ වැනි ප්‍රදේශවලට එයාලගේ ඩිලිවරි සේවාවෙන් ඔබ කැමැති ආහාරපාන ඔබේ නිවසට හෝ ඔබ නම් කරන ස්ථානයකට ගෙන්න ගන්නත් දැන් පහසුකම් සපයලා තියෙනවා .
ඉතින් අපි අර කලින් කිව්ව වගේ හිතේ තියෙන දාහක් ප්‍රශ්න ගැටලු පසෙකට තබලා දවස තිස්සේ, එහෙම නැත්නම් සතියක් තිස්සේ ගතින් සිතින් මහන්සි වෙලා විඩාබරව තියෙන ගතට සිතට අස්වැසිල්ලක් නිදහසක් ලබාගන්නත් එක්ක පවුලේ අයත් එක්ක එහෙම නැත්නම් හිතවතුන් එක්ක ෆුඩ් නිවුස් එකට ගිහින් බලන්න. වෙනසක් අත් විඳින්න. වෙනස ඔබම වටහා ගන්න.

FOOD NEWS (ෆුඩ් නිවුස්)
ඩිපෝ හන්දිය
පෙරියමුල්ල.
දුරකථන අංක-
077370 7505

තුසාර රොහාන්