ඉන්දියාවේ,මුම්බායි  සිට කටුනායකට පැමිණි ගුවන් යානයක  බෝම්බ බියක් . …

0
156

ඉන්දියාවේ, මුම්බායි නගරයේ සිට පැමිනි ගුවන් යානයක බෝම්බයක් ඇතැයි වාර්තා වි ඇති අතර ⁣එම ගුවන් යානය මේ වන විට කටුනායක බන්ඩාරනායක  ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇතැයි වාර්තාවේ.
            වාර්තා වන පරිදි මුම්බායි සිට කටුනායක දක්වා  දිනපතා සවස 3.30 පැමිණෙන ගුවන් යානය තුල බෝම්බයක් ඇති බවට වාර්තා වී තිබේ.  මේ අනුව මේ වන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩ බස්සවා ඇති ගුවන් යානය , පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැමිණ

අදාල  පරීක්ෂා කිරිම් සිදුකරන බවද වාර්තා වේ. එලෙසම ගිනි නිවන හමුදාවේ ,ගිනි නිවන රථ එම කාර්ය මණ්ඩලයද  සූදානම්ව තබා ඇතැයි ගුවන්තොටුපල ආරංචිමාර්ග පවසා සිටි.
                      එමෙන්ම මේ වන විට හදිසි තත්වයක් ඇති වුවහොත් ඒ සදහා    සීදුව, විජය කුමාරතුංග රෝහලේ සහ මීගමුව මහා රෝහලේ කාර්ය මණ්ඩලද  සූදානම් කර ඇති බවද වාර්තා වේ. 

බෝම්බ බියක් ඇතැයි ගොඩ බැස්සු ගුවන් යානය සම්බන්ධයෙන් සිවිල් ගුවන්  සේවා අධිකාරියෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ති⁣⁣බේ.

  ඉන්දියාවේ, මුම්බායි සිට  කටුනායකට පැමිණි  ” විස්තාරා” ගුවන් සේවයට අයත් UK 131 දරන මෙම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබුණේ පස්වරු 02.51 ට පමණය. ගුවන් යානය  ගොඩවැස්වීමට නියමිත වේලාවට විනාඩි 10 කට කලින් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දුරකථන ඇමතුමක් මගින් ගුවන් යානය තුල බෝම්බයක් ඇතැයි දන්වා තිබේ.
               ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ගුවන් තොටුපළ තුළ  හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. එලෙසම අදාළ ආයතන සහ අංශ වෙත මෙම තත්ත්වය දැනුම් දෙමින් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත පියවර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
               තවද මෙම ගුවන් යානය පස්වරු 02.49 ට පමන කටුනායක ,බණ්ඩාරනායක ගුවන්තොටුපළට ආරක්ෂිතව ගොඩ බස්සවා ඇති බව ,ද සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මාධ්‍ය වෙත නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ 

     මෙම ගුවන් යානය තුළ මගීන් 96 ක් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු සිට ඇත.